2020 ඔක්තෝබර් 17 වන සෙනසුරාදා

තහංචි මැද්දේ ලෝකෙටම ගහන්න යෝධ මිසයිලයක්!

 2020 ඔක්තෝබර් 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 50

උතුරු කොරියාවේ පාලක කම්කරු පක්ෂයේ 75 වැනි සංවත්සරය නිමිත්තෙන් පැවති හමුදා පෙළපාලියේදී ලොව විශාලතම මිසයිලයක් ප්‍රදර්ශනය කෙරිණි. අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලයක් වන එය අමෙරිකාවට සහ ලොව සියලු රටවලට විශාල තර්ජනයකි. අමෙරිකාව ඇතුළු සෙසු ලෝකයා තහංචි පනවා තිබුණත් උතුරු කොරියාව සිය මිසයිල වැඩසටහන අත්හැර දමා නැත.

මේ වන විට උතුරු කොරියාව සතුව අත්හදා බැලීමට ලක් කළ අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිල දෙකක් තිබේ. ඒ අනුව 2014 දී දෙවරක් අත්හදා බැලූ හුවසෝන්-14 බැලස්ටික් මිසයිලය කිලෝමීටර් 10,000ක් දුරට ඉලක්ක කළ හැකිය. ඊට බටහිර යුරෝපයේ බොහෝ කලාප සහ එක්සත් ජනපදයේ අර්ධයකට පහර දිය හැක.

පසුව 2017 දී අත්හදා බැලූ හුවසෝන්-15 බැලස්ටික් මිසයිලය මගින් කිලෝමීටර් 13,000ක් පමණ දුරක් ආවරණය කළ හැකිය. එමගින් එක්සත් ජනපදයේ ඕනෑම ස්ථානයකට පහර දීමට හැකියාව තිබේ. නමුත් දැන් ඔවුන් අලුතෙන් තනා ඇති අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලය ඊටත් වඩා ප්‍රබල වූවකි.

 

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00