2020 ඔක්තෝබර් 10 වන සෙනසුරාදා

කිර්ගිස්තාන ඡන්දය අහෝසියි!

 2020 ඔක්තෝබර් 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 67

කිර්ගිස්තානයේ මැතිවරණ බලධාරීහු මෑතකදී පැවැති මැතිවරණයේ ප්‍රතිඵලය අවලංගු කරන්නට පියවර ගත්හ. පසුගියදා පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් අනතුරුව කිර්ගිස්තානයේ විරෝධතා උත්සන්න විය. පාර්ලිමේන්තු මැතිවරණය දූෂිත බව පවසමින් විපක්ෂ විරෝධතාකරැවන් පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට කඩා වදිමින් කලහකාරී ලෙස කටයුතු කළ අතර විරෝධතාකරැවන් සහ පොලීසිය අතර ගැටුම් උත්සන්න වීමත් සමඟ හයසීයකට ආසන්න පිරිසක් තුවාල ලැබූහ. 

මහ මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීමේදී සිදුවූ අක්‍රමිකතා හේතුවෙන් විරෝධතා ආරම්භ විය. දහස් ගණනක් පසුව පාරට බැස තිබුණි. කිර්ගිස්තාන අග්‍රාමාත්‍ය කුබාට් බෙක් බොරොනෝප් ද ජන උද්ඝෝෂණ මැද සිය ධූරයෙන් ඉල්ලා අස්විය.
මැතිවරණ බලධාරීන් මේ පියවර ගනු ලැබුවේ කිසියම් දේශපාලන බලවේගයක් රටේ පාලන බලය ඩැහැගැනීමට නීතිවිරෝධී අන්දමින් කටයුතු කරන බව ජනාධිපති සූරොන්බායි ජීන්බෙකොව් පවසා තිබියදීය. පාර්ලිමේන්තු නියෝජනයක් ලබාගැනීමට අවශ්‍ය සියයට 7ක ප්‍රතිශතය ලබාගත්තේ එරට මැතිවරණයට ඉදිරිපත් වූ පක්ෂ 16 අතරින් 4ක් පමණි. එයින් පක්ෂ 3ක්ම ජනාධිපති ජීන්බෙකොව්ගේ අනුගාමිකයෝය. රටේ ජනතාව මේ තීන්දුව   පිළිගෙන නැත.