2020 ඔක්තෝබර් 03 වන සෙනසුරාදා

මාලී රටේ හවුල් ආණ්ඩුවක්!

 2020 ඔක්තෝබර් 03 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 49

මාලි රාජ්‍යයේ අලුත් පන්නයේ සංක්‍රාන්ති ආණ්ඩුවක් බිහිව හමාරය. මේ සංක්‍රාන්ති ආණ්ඩුව හවුලකි. මේ හවුලේ තනතුරු සඳහා පුද්ගලයන් තෝරාගෙන ඇත්තේ සිවිල් නියෝජිතයන් සහ හමුදා නියෝජිතයන්ගෙන් සමන්විත කමිටුවක් මඟිනි.
ඒ අනුව මිලිටරි ජුන්ටාව, දේශපාලන පක්ෂ නියෝජිතයන් මෙන්ම, සිවිල් සමාජ නියෝජිතයන්ද, සන්නද්ධ කණ්ඩායම්, සම්ප්‍රදායික නායකයන්, ආගමික සහ ඩයස් පෝරාවේ නායකයන් අතර මාසයකට වැඩි කාලයක් තිස්සේ පැවැති සාකච්ඡාවලින් අනතුරුව ඉදිරි මාස දහ අටක සංක්‍රාන්ති ආණ්ඩුවට ජනාධිපතිවරයකු පත් කරගැනීමට හැකි වී තිබේ. ඒ හිටපු ආරක්ෂක ඇමැති බහ්න්ඩාඕය. මේ හවුල් ආණ්ඩුවේ උප ජනාධිපති ලෙස කර්නල් අස්සිමි ගොයිටා මේ අනුව පත් කර ගැනිණි. අලුත් නායකයන් දිවුරුම් දීම ඉකුත් සැප්තැම්බර් 25 වැනි දා පැවැතිණි. මේ තීරණය ගනු ලැබුවේ රාජ්‍ය නායකයන් සහ බටහිර අප්‍රිකානු ආර්ථික හවුලේ රටවල්වල ආණ්ඩු විසින් රටේ  නායකත්ව මණ්ඩලයේ ඉදිරි පෙළ තනතුරුවලට සිවිල් වැසියන් පත් කරන ලෙස ඉල්ලා සිටීම නිසාය.

මේ එකඟතාව ඇති වූයේ නයිජීරියාවේ හිටපු ජනාධිපති ගුඩ්ලක් ජොනතන්ගේ මැදිහත් වීමෙන් සියලු පාර්ශ්ව හමු වී ඇති කළ සාම වෑයමේ ප්‍රතිඵලයක් ලෙසයි. බටහිර අප්‍රිකානු ආර්ථික සංවිධානය මේ නව පත්වීම් ගැන තවමත් නිල වශයෙන් ප්‍රතිචාර දැක්වා නැත.

 

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00