2020 ඔක්තෝබර් 03 වන සෙනසුරාදා

කුවේටයේ රජු මිය යයි!

 2020 ඔක්තෝබර් 03 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 111

කුවේටයේ රජු ෂෙයික් සබා අල් අහමද් අල්  සබා මියගියේය. කුවේටයේ එමීර්වරයා  ලෙස සැලකෙන ඔහු මිය යනවිට 91වැනි වියෙහි පසුවිය. පසුගිය ජූලි මස සිට ඔහු අමෙරිකාවේ ප්‍රතිකාර ලබමින් සිටියේ කුවේටයේදී සිදුකළ සැත්කමකින් පසුවය. 2002 දී ඇපැන්ඩික්ස් සැත්කමකට මුහුණ දුන් ඔහුට 2004දී පේස්මේකර් උපකරණයක් සවි කෙරිණි. 2007 මුත්‍රා මාර්ගයේ සැත්කමකට ද ඔහු මුහුණ පෑවේය. කෙසේ වුවද මරණයට හේතුව හෝ ඔහු මිය ගිය ස්ථානය පිළිබඳව තොරතුරු මෙවර ප්‍රසිද්ධ කර නැත.

ෂෙයික්වරයා එරට විදේශ ප්‍රතිපත්තිය නවතාවයකට පත්කළ තැනැත්තා ලෙස සැලකේ. ෂෙයික් සබා 2006 වසරේ සිට කුවේටය පාලනය කරන අතර අමෙරිකානු හිතවාදී ප්‍රතිපත්තියක් යටතේ සිය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන ලද අයෙකි. ඔටුන්න හිමි කුමරු වන ඔහුගේ සොයුරු ෂෙයික් නවාෆ් අල් අහමද් අල් සබා මීළග එමීර්වරයා ලෙස පත්වීමට නියමිතය.  ෂෙයික් සබාගේ පාලන කාලය තුළදී සෞදි අරාබිය සමඟ ද දැඩි මිත්‍රත්වයක් ඇතිකරගත් අතර එමගින් ඔහු කුවේටයේ ඛණිජ තෙල් ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට සමත් විය.

වරක් 1990 - 1991  කාලයේ කුවේටය ආක්‍රමණය කළ ඉරාකය සමඟ පැවති සම්බන්ධතා ඔහුගේ පාලන කාලය තුළදී වර්ධනය වූ අතර ඉරානය සමඟ සංවාදයකට එළඹීමට හැකිවිය. ගල්ෆ් කලාපයේ සාමය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ෂෙයික් සබාගෙන් සිදුවූයේ විශේෂ මෙහෙවරකි.

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00