2020 සැප්තැම්බර් 26 වන සෙනසුරාදා

කාන්තාවක් රැගෙන සඳට යන්නට කොංග්‍රස් අනුමැතිය!

 2020 සැප්තැම්බර් 26 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 60

වසර 50කට පසු නැවත සඳ මත පා තැබීමට නාසා ආයතනය සැලසුම් කර ඇත. ඒ 2024දීය. එදිනට සඳ මතට මුල්වරට කාන්තාවක් යැවීමට නියමිතය. මෙම මෙහෙයුම නම් කර ඇත්තේ ආර්ටේමිස් ලෙසයි. කලින් සඳ වෙත මිනිසුන් රැගෙන ගියේ ඇපලෝ මෙහෙයුම මගිනි. ඇපලෝ නම එන්නේ ග්‍රීක දේව කතාවකිනි. ග්‍රීක දේව සභාවේ ප්‍රධානියා සීයුස්ගේ පුතා ඇපලෝය. දැන් කාන්තාවක් රැගෙන සඳ වෙත යන 2024 මෙහෙයුමට දී ඇත්තේ ඇපලෝගේ නැගණිය ආර්ටේමිස්ගේ නමය.

මෙම මෙහෙයුමේ මුල් අදියර ඇරැඹෙන්නේ 2020 නොවැම්බර් මාසයේය. ඒ සඳහා ඩොලර් බිලියන 28ක් වැය වේ යැයි අපේක්ෂා කෙරෙන අතර, ඉන් බිලියන 16ක්ම වැය වනු ඇත්තේ චන්ද්‍ර ගවේෂණ යානය නිර්මාණය කිරීමට බව සඳහන් වේ. නොවැම්බර් 03 වැනිදා අමෙරිකානු ජනපතිවරණයට පෙර චන්ද්‍ර ගවේෂණ ව්‍යාපෘති සඳහා කොංග්‍රස් අනුමැතිය හිමිවනු ඇතැයි ද අපේක්ෂා කෙරේ.

නොවැම්බර් මාසයේ සඳ ගමන යන්නට නියමිත ඔරියන් යානයත් නාසා ආයතනය මෙතෙක් නිපදවූ ප්‍රබලතම රොකට්ටුවත් පරීක්ෂාවට ලක් කරන්නට නියමිතය. ඔරියන් යානය සති 3ක් අභ්‍යවකාශය ඔස්සේ සඳ තලයත් පසුකර සැතපුම් 280,000ක දුරක් තරණය කරන්නට සූදානම්ය. මෙහි දෙවැනි අදියර පරීක්ෂාව 2022 - 2023 අතර සිදුවේ. ඉන්පසු සඳ ගමන 2024දී සිදුවන්නටත් නියමිතය.

 

► සංස්කරණය: 
    සුගත් පී. කුලතුංගආරච්චි

 

 2020 ඔක්තෝබර් 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 ඔක්තෝබර් 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 ඔක්තෝබර් 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 ඔක්තෝබර් 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 ඔක්තෝබර් 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00