2020 සැප්තැම්බර් 19 වන සෙනසුරාදා

අඟහරු වෙත යන Starship බස් එක

 2020 සැප්තැම්බර් 19 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 106

යම් මිනිස් ක්‍රියාකාරකමක් හෝ ස්වාභාවික හේතුවක් නිසා පෘථිවියේ විනාශයක් සිදුවුවහොත් මිනිසාට යන්නට තැනක් තිබිය යුතු යැයි හිතූ අපේ කාලයේ කෝටිපතියෙක් ඒ සඳහා තැනක් සෙව්වේය. ඔහුගේ තේරීම වූයේ අඟහරැ ලොවයි. දැන් ඔහු එහි ජනාවාස තනන්ට සැලසුම් අඳියි. මේ තැනැත්තා ඒ සඳහාම ලෝක ප්‍රකට SpaceX සමාගම පිහිටුවා ගත් එහි ප්‍රධාන විධායකයා වන එලෝන් මස්ක්ය.

දශක දෙකක කාලයක් පුරා ඔහු, පෘථිවියට විකල්පයක් ලෙස අඟහරු ග්‍රහයා මත ජනාවාස ඇතිකිරීම පිළිබඳව අදහස් පළ කරයි. මස්ක් තම අන්තර්-ග්‍රහලෝක සිහිනය ගැන විස්තර කරන්නේ විද්‍යා ප්‍රබන්ධයක් විලසිනි. එය මිල අධික ක්‍රියාවලියක් වන බැවින් වෙනත් රජයයන් වැඩි උනන්දුවක් නොදක්වන කරැණකි මේ. එවැනි දෙයක් උත්සාහ කිරීමට පවා දැරිය යුතු වියදම ඉතා විශාලය.

පෘථිවිය සහ අඟහරැ ග්‍රහයා අතර දුර සැතපුම් මිලියන 30කි. තමන්ගේම යානයක්  යොදාගෙන ආහාර සහ මිනිසුන් අඟහරු ග්‍රහයා මතට යැවීම මස්ක්ගේ අභිප්‍රායයි.

ඒ අනුව අඟහරු මත ජනාවාස බිහිකිරීමට අවශ්‍ය තාක්ෂණය නිර්මාණය කිරීමට ඔහුගේ  SpaceX සමාගමට තවත් වසර ගණනාවක් ගත වෙතැයි අනුමාන කෙරේ. එහෙත්, ග්‍රහලෝක තරණයට අවැසි අභ්‍යවකාශ යානයක් නිෂ්පාදනය කිරීමට එම සමාගම දැනටමත් කටයුතු සම්පාදනය කරමින් සිටින අතර ඔවුන් තවමත් සිටින්නේ එහි ප්‍රථමික අදියරේය. එම යානාව Starship ලෙස හඳුන්වයි. අඟහරු වෙත යන්නට යන එම යානය සුවිසල් රොකට්ටුවකින් සහ අභ්‍යවකාශ යානා පද්ධතියකින් සමන්විතය. මෙය  නිර්මාණය සඳහා අමෙරිකානු ඩොලර් බිලියන 10ක් වැයවෙතැයි ඇස්තමේන්තු කර තිබේ.

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00