2020 සැප්තැම්බර් 12 වන සෙනසුරාදා

ජම්බෝ ජෙට් වෙනුවට අහසට එන Flying-V

 2020 සැප්තැම්බර් 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 258

මෙතෙක් කලක් අහස ජයගත් ජම්බෝ-ජෙට් යානා වෙනුවට අනාගත දුර ගමන්, ගුවන් සේවා ප්‍රමුඛයා බවට පත්වන්නට යන්නේ අමුතු හැඩැති යානයකි. එය විශාල ඉංග්‍රීසි V අකුරක හැඩය දරන නිසාම පියාඹන V හැටියට නම් ලබා ඇති මේ ගුවන් යෝධයාගේ මුල්ම පර්යේෂණ ගමන ඉකුත්දා ජර්මනියේදී සිදුවිය.

නෙදර්ලන්තයේ ඩෙල්ෆ්ට් තාක්ෂණික සරසවියේ නිර්මාණ සංකල්පයකට අනුව ලෝ ප්‍රකට KLM ආයතනයේ මූල්‍ය දායකත්වයෙන් බිහිවූ මේ යානයේ මංගල පර් යේෂණ ගමන යම්තාක් දුරකට සාර්ථක වූ බව නිෂ්පාදකයන් කියා තිබේ. යානයේ සුවිශේෂත්වය වන්නේ විශාල තටු යුවලයි. විශාල තටු යුවල වෙනත් යානාවල බඳෙන් සිදු කරන සියලුම රාජකාරි සිදු කරයි. මගී ආසන මැදිරි, භාණ්ඩ ගබඩා මෙන්ම ඉන්ධන ටැංකිද ඇත්තේ මේ විශාල තටු තුළයි. මෙහි පියසර හැකියාව ගුවන් පියසර තාක්ෂණය අතින් ඉතා ඉහළය. වඩාත්ම වැදගත් කාරණය මෙහි ඇති ඉන්ධන අරපිරිමැස්මේ හැකියාවයි.

සාමාන්‍යයෙන් දැනට භාවිත A350 ජෙට්ලයිනර් යානයක ඉන්ධන භාවිතය මෙන් සියයට 20ක ඉහළ ඉන්ධන අරපිරිමැස්මක් මෙහි සිදුවන බව කියයි. සාමාන්‍ය ජෙට් යානයකට වඩා සියයට 15ක් ගුවනේ පියාසරණයට අවශ්‍ය භෞතික ගුණාංග සපුරා ඇත. මගී පන්ති දෙකකට අයත් ආසන වෙන්කර ඇත. සාමාන්‍යයෙන් මේ විශාල තටු තුළ එකවර මගීන් 314ක් ගෙන යන්නට මේ අලුත් යානය සමත්ය. විශාල තටු නිසා යානය ගුවන්ගත කිරීමේදී සහ ගොඩබෑමේදී අපහසුතාවන්ට මුහුණ දීමට සිදුවිය හැකි බවට ඉංජිනේරුවන් අනතුරු අඟවා ඇති නමුත් ප්‍රථම මගීන් සහ නියමුවන් රහිත ගුවන් පර්යේෂණ සැරිය සාර්ථකව නිම කරන්නට මේ අනාගත යෝධ කුරුල්ලා සමත්ව තිබේ.

 

► සංස්කරණය: සුගත් පී. කුලතුංගආරච්චි

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00