2020 අගෝස්තු 01 වන සෙනසුරාදා

කොවිඩ්-19 “මාස්ක්-වාදය” මහ දවාලේ බිල්ලක් ගනියි!

 2020 අගෝස්තු 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 181

“මාස්ක්-වාදයේ” ප්‍රතිපලයක් ලෙස ප්‍රංශයේ පළමු බිල්ල පසුගියදා මහ දවාලේ ගන්නට යෙදුනි. මේ වනවිට ලොව පුරා කෝටි 2කට ආසන්න පිරිසක් ආසාදනයට ලක්කර ඇති කොවිඩ් 19 අලුත් කෙරෝනා රෝගය නිසා පැතිර ගිය ආන්දොලනාත්මක මතවාදයක් වුයේ “මාස්ක්-වාදයයි”. කොවිඩ් 19 ට එරෙහිව “මාස්ක්” හෙවත් මුව ආවරණ පැළඳිය යුතුද? නැද්ද? යන්න ගැන තවමත් එකිනෙකා දක්වන්නේ ප්‍රතිවිරෝධී අදහස්ය. මේ මාස්ක්-වාදය හේතුවෙන් ඉකුත් දිනෙක මහ දවාලේ අහිංසක දරු පවුල්කාරයෙක් දෙනෝදාහක් ඉදිරියේ ගුටිබැට කා මිය ගියේය.

තිදරු පියෙක් වන ප්‍රංශ ජාතික පිලිප්පේ මොන්ග්‍යුලෝට් මාර්ග අංක 810 බස් රථයේ රියැදුරෙකි. ඔහුගේ බස් රියට නැඟි මඟීන් 4 දෙනෙකු මුවආවරණ පැළඳ නොසිටි හෙයින් පිලිප්පේ ඔවුන්ට එය වරදක් බව කියා තිබුණි. ඔවුන් එය කණකට ගත්තේ නැත. මාස්ක් ප්‍රශ්නය නොසිතූ විරූ මට්ටමේ “මාස්ක්-වාදයකට” මුල පිරුවේය. රියැදුරැට මුලින් අපහාස කරමින් බැණ වැදුණු මේ හතරදෙනා පසුව ඔහු රථයෙන් ඉවතට ගෙන හොඳහැටි පහර දී තිබුණි. නිරිතදිග ප්‍රංශයේ බෙයියොන් නුවර මහ මඟ ගිනි දවාලේ හටගත් මේ සිද්ධියෙන් රියැදුරු මියගියේය. ප්‍රහාරයන්හි දරුණු බව හේතුවෙන් මොළය මිය යාමෙනි. මේ ශෝකජනක ඛේදවාචකය සිදුවූයේ ප්‍රංශයේ පොදු ප්‍රවාහනය තුළ මුව ආවරණ පැළඳ සිටීම අනිවාර්ය කර තිබියදීය. ඒ අනුව පිලිප්පේ පහර කා මියගියේ සිය රාජකාරිය හරියට කරන්නට තැත් කිරීම නිසාය. රට තුළ ලක්ෂ 20කට වැඩි ආසාදිතයන්ද  35000කට වඩා කොවිඩ්-19, මරණද සිදුවී තිබියදීත් අන්තනෝමතිකව සිතනා මෙබඳු “අමන මාස්ක්-වාදීන්” නිසා එරට තුළ වසංගත තත්ත්වය සෞඛ්‍ය අංශවල පාලනයෙන් මිදී ගොස් හමාරය. මේ “මාස්ක්වාදී” ප්‍රංශ ඝාතනය සිදුවූයේ එබඳු වපිටාවකය. මහත් කණගාටුවට කරුණ නම් එබඳු මාස්ක්-වාදීන් සිටින්නේ ප්‍රංශයේ පමණක්ම නොවීමය.

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00