2020 අගෝස්තු 01 වන සෙනසුරාදා

ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලූ තායි - දේදුනු රැල්ල!

 2020 අගෝස්තු 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 57

සිය ගණනක් තායි සමලිංගික ක්‍රියාකාරීන් බැංකොක් අගනුවර පැවති ප්‍රජාතන්ත්‍රවාදී රැලියක් අතරතුර දේදුනු කොඩි ඔසවා තිබේ. වත්මන් තායි ආණ්ඩුවට ඉල්ලා අස්වන ලෙස බල කරමින් තරැණ කණ්ඩායම්වල නායකත්වයෙන් පැවැත්වෙන උද්ඝෝෂණ මාලාවක එක් පියවරක් ලෙස මෙම සමලිංගික රැළිය සැලකේ. මෙහිදි සමලිංගික ක්‍රියාකාරීන් නගර මධ්‍යයේ නටමින් ගීත ගායනා කළ අතර කිසිදු ප්‍රචණ්ඩ ක්‍රියාවක් වාර්තා වී නොමැත. කෙසේ වුවද ගැටුම් ඇතිවීම වළක්වා ගැනීම සඳහා තායි රජය විසින් පොලිස් ආරක්ෂාව තරකර තිබුණේය.

දශකයකට ආසන්න කාලයක් පවතින දේශපාලන ගැටුම් මධ්‍යයේ තායිලන්තය කොවිඩ් වසංගතයටද මුහුණ දී සිටින නමුත් රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන ලෙස තරැණ කණ්ඩායම්වල ඉල්ලීම් තීව්‍ර වෙමින් තිබේ.වසංගත තත්ත්වය තුළ ආරක්ෂක පියවරක් ලෙස මහජන රැස්වීම් ආදිය සඳහා රජය විසින් තහනමක් පනවා තිබුණද ප්‍රජාතන්ත්‍රවාදී කණ්ඩායම් එම තහනම නොකතා දිගින් දිගටම ආණ්ඩුවට ඉල්ලා අස්වන ලෙස බලපෑම් කරමින් සිටී.

තායිලන්තයේ වත්මන් අගමැති ජෙනරාල් ප්‍රයූත් චාන්-ඕචා 2014 දී කුමන්ත්‍රණයකින් බලය අල්ලාගත් අතර පසුව හමුදා විසින් පත් කරන ලද පාර්ලිමේන්තුව විසින් අගමැති ලෙස නම් කරන ලදී. තරුණ කණ්ඩායම් කාලයක සිට ඉල්ලා සිටින්නේ අගමැතිවරයා ඉල්ලා අස්වී රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරැ කළ යුතු බවයි. තායිලන්තයේ එල්ජීබීටී කණ්ඩායම්වලට තවමත් සමාජයේ සමාන අයිතිවාසිකම් නොමැති බැවින් ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදය සහ සමානාත්මතාවය යන දෙකම ඉල්ලා  මෙම උද්ඝෝෂණය වර්ණවත් කර තිබුණි.

 

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00