2020 ජුලි 25 වන සෙනසුරාදා

කාසිරංගා කැලේ රයිනෝ විපත්තිය!

 2020 ජුලි 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 113

මෙම වසරේ මෝසම් වැසි නිසා හටගත් ජල ගැලීම්වලින් ඇසෑම් ප්‍රාන්තයේ, නේපාලයේ සහ බංග්ලාදේශයේ පුද්ගලයන් 200ට වැඩි ගණනක් මියගොස් මිලියන ගණනක් අවතැන්ව සිටිති. ඉන්දියාවට බලපා ඇති මෙම ගංවතුර තත්ත්වය හේතුවෙන් ජාතික වන උද්‍යානයක ජීවත්වන දුර්ලභ ගණයේ රයිනෝ සතුන් 8 දෙනෙකු ඇතුළු වන සතුන් 100ට වැඩි ප්‍රමාණයක් මියගොස් තිබුණි.

ලෝකයේ වැඩිම, තනි අඟක් සහිත රයිනෝ සතුන් (One horned rhinos) සිටින්නේ ඉන්දියාවේ අසෑම් ප්‍රාන්තයේ ඇති මෙම කසිරංගා ජාතික වනෝද්‍යානයේය. එම තනි අඟක් සහිත රයිනෝ සතුන් ආසියානු කළාපයට අවේනිකය. මෙම කසිරංගා වනෝද්‍යානය යුනෙස්කෝ ලෝක උරැමයකි. අවම වශයෙන් එහි එම වර්ගයේ රයිනෝ සතුන් 2,400ක් පමණ ජීවත් වන බව ගණන් බලා තිබුණි.

කෙසේ වෙතත් පසුගියදා ඇතිවූ අධික වර්ෂාවත් සමග එම වනෝද්‍යානයෙන් සියයට 85ක් පමණ ජලයේ යට වී ඇත.