2020 ජුලි 18 වන සෙනසුරාදා

ලොක්කන්ගේ නම් ගෑවුණු ‘TWITTER- මගඩියක්!

 2020 ජුලි 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 68

ලෝප්‍රකට සමාජ මාධ්‍ය ජාලයක් වන ට්විටර් සමාජ මාධ්‍ය ජාලයට දැවන්ත හැකර් ප්‍රහාරයක් එල්ල විය.  අන්තර්ජාල සල්ලි හෙවත්  Cryptocurrency වංචාවකට ලෝකප්‍රකට සල්ලිකාරයන් ද ඈඳා ගන්නට ගත් උත්සාහයක් වැළකී ගියේය.

හිටපු ජනාධිපති බරක් ඔබාමා, කැනී වෙස්ට්, කිම් කාර්ඩේෂියන්, වොරන් බෆට්, ජෙෆ් බෙසොස් සහ මයික් බ්ලූම්බර්ග් ඔවුන්ගේ සත්‍ය ට්විටර් ගිණුම් ඔස්සේ තමන්ට මුදල් එවන ලෙසත් තමන් ඒවා දෙගුණ කර දෙන ලෙසත් කියමින් පල කළ ඉල්ලීම් ප්‍රකාශයට පත්වීමත් සමඟ ලෝකයම පුදුමයට පත්විය. ලෝ ප්‍රකට චරිත රැසක් පෞද්ගලික ගිණුම් යොදා ගනිමින් අන්තර්ජාල මූල්‍ය වංචාවක් ප්‍රවර්ධනය කිරීමට ගත් උත්සාහයක ප්‍රතිඵලයක් ලෙස පසුව මෙය හඳුනාගනු ලැබිණි. ලෝ ප්‍රකට සමාජ මාධ්‍යජාලයක් වන ට්විටර් සමාජ මාධ්‍ය ජාලයට එල්ල වූ දැවන්ත හැකර් ප්‍රහාරයක් මගින් මේ වංචාව සැලසුම් කර තිබුණි.

මෙසේ සල්ලි ඉල්ලා තිබූ ලෝක සල්ලිකාර බෙසොස්, මස්ක් සහ ගේට්ස් තිදෙනාගේ වත්කම් එකතුව පමණක් ඩොලර් බිලියන 362කි. මෙවන් මුදලක් හිමි ඔවුන්ගේ ගිණුම්වලට රිංගා මුදල් වංචාවක් කිරීමට හැකරුන් කළ මෙම ප්‍රෝඩාකාරී මෙහෙයුම අවහිර කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බව ට්විටර් සමාගම පසුව කීවේය.