2020 ජුලි 18 වන සෙනසුරාදා

ට්‍රම්ප්ටත් මුකවාඩම්!

 2020 ජුලි 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 49

තමන් ලෝකේ කිසිම කෙනකුට බය නැති බව පෙන්නන්නට නිතර තැත් කරන ජනාධිපති ට්‍රම්ප් පවා අන්තිමේ කොවිඩ් මාරකයට බිය විය.

තමාට මේ ලෙඩේ හැදෙන්නෙ නැතැයි පුරසාරම් දෙඩූ ට්‍රම්ප් මුව ආවරණ පැළඳීම ද අවඥාවෙන් යුතුව බැහැර කර තිබුණි. එහෙත් දිනෙන් දින ඉහළ යන කොරෝනා අවදානම ඔහුව ද සලිත කර ඇති හැඩකි. කොරෝනා වසංගතය ආරම්භ වීමෙන් පසු ප්‍රථම වරට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රසිද්ධියේ මුහුණු ආවරණයක් පළඳ සිටිනු දක්නට ලැබුණ නිසාය.
ජනාධිපති ට්‍රම්ප් මෙලෙස මුහුණු ආවරණයක් පැළඳ පැමිණ සිටියේ මේරිලන්ඩ හි වෝල්ටර් රීඩ් ජාතික හමුදා රෝහල වෙතටයි. රෝහලක සිටියදී මුහුණු ආවරණයක් පැළඳ සිටීම සුදුසු දෙයක් බවට ඔහු එහිදී ප්‍රකාශ කර තිබුණි.
මෙම වසංගතය ආරම්භයේ සිටම මෙලෙස මුහුණු ආවරණයක් පැළඳීම ජනාධිපති ට්‍රම්ප් ප්‍රතික්ෂේප කර තිබුණු අතර ඔහුගේ නිලධාරීන් නිරන්තරයෙන් දැනුවත් කර තිබුණේ ආරක්‍ෂිත පියවරක් ලෙස මුහුණු ආවරණයක් පළඳින ලෙසයි. නමුත් ඔහු මේ මුව ආවරණ පැළඳි මුල් වතාවය.