2020 ජුනි 13 වන සෙනසුරාදා

ඉන්දියාවෙන් කොවිඩ් වැළඳුණු එකම පවුලේ 11ක්!

 2020 ජුනි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 95

එකම පවුලේ 11 දෙනකුටම කොරෝනා වයිරසය ආසාදනය වුණු පුවතක් වාර්තා වේ. 17 දෙනකුගෙන් යුත් මේ පවුලේ 11ක්ම කොරෝනා “පොසිටිව්”ය. මුකුල් ගාර්ග්ගේ පවුලේ මුලින්ම රෝගය ආසාදනය වූයේ ඔහුගේ 57 හැවිරිදි මාමණ්ඩියටයි. ඒ අප්‍රේල් 24 වැනිදාය. එතැන් සිට පැය 48ක් ඇතුළත තවත් දෙනෙකු අසනීප විය. බලාපොරොත්තු නොවූ ආකාරයට රෝග ලක්ෂණ උග්‍ර විය. උණ වර්ධනය වී කටහඬවල් ගොරෝසු වූ අතර කැස්සද ඇති විය. එය සාමාන්‍යයෙන් ඇතිවන සෙම්ප්‍රතිශ්‍යාවක් යැයි මුකුල් තීරණය කළේය. තවත් පස් හය දෙනකු රෝග ලක්ෂණ පෙන්නුම් කළත් ඔහු එය සුළුවෙන් තැකීය.

තවත් දින කිහිපයක් ගත වන විට පවුලේ පස් හය දෙනකුම මේ පොදු  රෝග ලක්ෂණ පෙන්නුම් කරන විට ඔහු මේ ගැන මුලින්ම පරීක්ෂා කිරීමට කල්පනා කළේය. අවසානයේ පවුලේ 17 දෙනාගෙන් 11 දෙනකුටම කොවිඩ් 19 ආසාදනය වී ඇති බව සොයා ගැනිණි. තමන් කිසිවකු මුණ ගැසීමට නොගිය බවත් එසේම කිසිවකු තමන් හමුවීමට නොපැමිණි බවත් මුකුල් පවසයි. එසේ වෙතත් කොවිඩ් 19 තම නිවස රෝහලක් බවට පත් කිරීමට සමත් වී ඇතැයි ඔහු කියයි.