2020 මැයි 23 වන සෙනසුරාදා

ඉන්දියාව කැළඹූ අම්ෆන්!

 2020 මැයි 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 134

ඉන්දියාව වෙත කඩා වැදුණු අම්ෆන් සුළි කුණාටුව හේතුවෙන් නැගෙනහිර ඉන්දියාවේ කල්කටා නගරය විනාශ වී තිබෙන අතර එම සුළි කුණාටුව හේතුවෙන් ඉන්දියාව හා බංගලාදේශය තුළ 84 දෙනෙකු පමණ මියගොස් තිබේ. 1999න් පසු බෙංගාල බොක්කේ ඇති වූ සුපිරිතම සුළි කුණාටුව මෙය බව කාලගුණ අංශ සඳහන් කරති. වෙරළබඩ ප්‍රදේශය හරහා ඇති වූ දරුණු සුළඟ සහ වර්ෂාව විසින් එම විනාශය කර තිබේ. කෙසේ වෙතත් මේ වනවිට සුළි කුණාටුව උතුරු දෙසින් භූතානය දෙසට ගමන් කර ඇත.

දහස් ගණනින් ගස් මුලිනුපුටා දමා ඇති ඇති අතර විදුලිය, දුරකථන මාර්ග සියල්ල අවහිර කර නිවාස බිමට සමතලා කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ. කල්කටාවේ බොහොමයක් මාර්ග ජලයෙන් යටවී ඇති බවත් මිලියන 14ක් පමණ ජනතාව විදුලිය නොමැතිව සිටින බවද සඳහන්. 

බටහිර බෙංගාලයේ කොටසකට හා ඔරිස්සා ප්‍රාන්තවල සහ නිරිතදිග බංග්ලාදේශයේ ඇතැම් ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර 185ට වැඩි වී තිබේ. දැක්වෙන තොරතුරු අනුව ඉන්දියාවේ බටහිර බෙංගාල ප්‍රාන්තයේ අවම වශයෙන්  පුද්ගලින් 72ක් පමණ මියගොස් ඇති අතර බංග්ලාදේශය තුළ මරණ 12ක් තහවුරු කර ඇති බව සඳහන්. 

කුණාටුව ඇතිවීමට පෙර මිලියන 3කට ආසන්න ජනතාවක් ඉවත්කර තිබේ. ඉන්දියාවේ, ඔඩීෂා සහ බටහිර බෙංගාල ප්‍රාන්තවල ජනතාව ද ආරක්ෂිත ස්ථාන වෙත යොමු කළ පිරිසට අයත්ය. අනතුරැදායක ප්‍රදේශවල සිටින පුද්ගලයින් වෙනත් ස්ථානවල රැඳවීමේදී සමාජ දුරස්ථභාවය ආරක්ෂා වන ලෙස එය සිදු කිරීම ගැටලුවක් වී ඇත.

ව්‍යසන තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් බටහිර බෙංගාලයේ ප්‍රධාන අමාත්‍ය මමාතා බැනර්ජි සඳහන් කර තිබෙන්නේ මෙය Covid 19 ට වඩා විශාල විනාශයක් බවය.  එමෙන්ම අද දවසේදී යුද්ධයට සමාන තත්ත්වයක් තමන් අත්විඳි බව වැඩිදුරටත් අදහස් දක්වමින් මහ ඇමතිනිය මාධ්‍ය වෙත කියා තිබුණි.

 

► සංස්කරණය: සුගත් පී. කුලතුංගආරච්චි

 

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00