2020 මැයි 23 වන සෙනසුරාදා

අමෙරිකාවේ අබිරහස් මෙහෙයුම

 2020 මැයි 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 187

අමෙරිකානු ගුවන් හමුදාව අබිරහස් අභ්‍යවකාශ මෙහෙයුමක් ක්‍රියාත්මක  කළේය. රහසේ ගමන් කරන  X37-b  නැමති අභ්‍යවකාශ යානය රැගත් ‘ඇට්ලස් ෆයිව්’ නැමති රොකට්ටුව සාර්ථකව ගුවන්ගත කිරීමට අමෙරිකානු ගුවන් හමුදාව සමත් ව තිබුණි. මෙම රොකට්ටුව මගින් චන්ද්‍රිකාවක්ද කක්ෂගත කිරීමට නියමිතය.

එක්ස් – තර්ටි සෙවන් බී නැමති අභ්‍යවකාශ යානය ඉතා රහසිගත ව්‍යාපෘතියක් වන අතර පෙන්ටගනය මෙතෙක් එම යානයේ හැකියාවන් සහ මෙහෙයුම් පිළිබඳ වැඩිදුර තොරතුරු හෙළිකර නැත.