2020 මැයි 02 වන සෙනසුරාදා

කොරෝනා කාලේ අමුතුම තාලේ විරෝධතාව!

 2020 මැයි 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 41

ඊශ්‍රායලයේ ටෙල්ආවීව් මහා නගරය මැද මහා ජන සංනිපාතයක් රැස්ව සිටියේ කොවිඩ්-19 වසංගත භීතිකාව මැදය. මේ ජනසංඝය ජනාධිපති බෙන්ජමින් නෙතන්යාහුට එරෙහි අමුතු පන්නයේ විරෝධයකි. අගනුවර ප්‍රධාන චතුරස්‍රයේ පැවැති විරෝධය කොරෝනා කාලේ පැවැති අමුතුම තාලේ විරෝධතාවක් හැටියට ඉතිහාස ගතවනු නිසැකය. ඒ කොරෝනා විරෝධි නීතියද රකිමින් සමාජ දුරස්ථභාවයද රකිමින් එය ආදර්ශයක් දුන් නිසාය.

“අපරාධමැති!” හෙවත් “CRIME MINISTER!” යනුවෙන් සඳහන් විරෝධතා පුවරැ රුගත් දහස් ගණනක් චතුරස්‍රය පූරා විසිර සිටියේ නගර සභාව හතර අතින්ම මීටර 2ක පරතරයක් සිටින සේ මැන බලා සලකුණු කරදී තිබූ “X” සලකුණු මැදට වන්නට වගබලා ගනිමිනි. පිට පිට තෙවරක් පැවැති අසමාන මැතිවරණ ජයගෙන බලයේ රුඳී සිටින නෙතනියාහුට එරෙහිවන අතරම කොරොනාවෙන් ආරක්ෂා වීම ගැනද සිතා පැවති මේ විරෝධයට පොලිසියේ විරෝධයක්ද දක්නට තිබුණේ නැත.