2020 අප්‍රේල් 25 වන සෙනසුරාදා

වෙනිසියුලාවත් මැතිවරණය කල්දමයි!

 2020 අප්‍රේල් 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 28

වෙනිසියුලාවද මඟබලා සිටින්නේ පාර්ලිමේන්තු මැතිවරණයකටය. තීරණාත්මක මැතිවරණයක් ලෙස හැඳින්විය හැකි මේ මැතිවරණය කල්දැමිය යුතු බවට එරට ජනාධිපති නිකොලොස් මදුරෝ පසුගිය සතියේ ප්‍රකාශ කළේය. වෙනිසියුලානු පාර්ලිමේන්තු මැතිවරණය ලබන දෙසැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත වූ අතර ජනාධිපතිවරයා යෝජනා කර ඇත්තේ එය ජනවාරි මාසය දක්වා කල්දැමිය යුතු බවයි.‍

එරට ප්‍රධාන පෙලේ රූපවාහිනියක් ඔස්සේ අදහස් දක්වමින් වෙනිසියුලානු ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් පාර්ලිමේන්තු මැතිවරණය මෙම අවස්ථාවේ පැවැත්වීම සුදුසු නොවන බවයි. ඒ අනුව ඒ සම්බන්ධයෙන් තීරණයක් අධිකරණයට පැවරෙන බව ජනාධිපතිවරයා සඳහන් කර ඇත.

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00