2020 අප්‍රේල් 25 වන සෙනසුරාදා

වසංගතයෙන් ලෝක බඩගින්නත් ඉහළ යයි!

 2020 අප්‍රේල් 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 74

ලෝකයේ බඩගිනිකාරයන්ගේ සංඛ්‍යාව ඉහළ යා හැකි බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවා තිබේ. ඒ බව කියන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලෝක ආහාර වැඩසටහනේ ප්‍රධානී ඩේවිඩ් බීස්ලිය. ඔහු කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් ලොව කුසගින්නේ පෙළෙන්නන්ගේ සංඛ්‍යාව මිලියන 135 සිට මිලියන 250 දක්වා වැඩිවිය හැකි බවට අනුමාන කරයි.

ඒ අනුව එම අවදානම දැඩි බලපෑමක් එල්ල කරන රටවල් 10 ක් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප්‍රකාශයට පත්කර ඇත. යේමනය, කොංගෝ රාජ්‍ය, ඇෆ්ගනිස්ථානය, වෙනිසියුලාව, ඉතියෝපියාව, දකුණු සුඩානය, සුඩානය, සිරියාව, නයිජීරියාව සහ හයිටි යන රටවල් අවදානම් රාජ්‍යයන් අතරට අයත්ය. මේ අබග්ගයෙන් මිදීම  සඳහා ලොව බලවත් රාජ්‍යයන් මැදිහත්ව කටයුතු කළ යුතු බව එක්සත් ජාතීන්ගේ සංවිධානය අවධාරණය කර තිබේ.