2020 අප්‍රේල් 25 වන සෙනසුරාදා

ලෝකෙටම ලෙඩ දැමූ කිම් ජොං-ලෙඩ ඇඳේ!

 2020 අප්‍රේල් 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 60

පසුගිය සතියේ ලෝක ජනමාධ්‍ය උණුසුම් කළ පුවතක් වූයේ උතුරු කොරියානු නායක කිම් ජොන් උන්ගේ සෞඛ්‍ය තත්වය ඉතා බරපතළ බවට සිදුවූ ප්‍රචාරයයි. ඔහු හෘදය රෝගි තත්ත්වයක් හේතුවෙන් හදිසි ශල්‍යකර්මයකට මුහුණදි තිබුණි. එහිදී ඇතිවූ සංකූලතා හේතුවෙන් මෙම තත්ත්වය උදාවී ඇති බවට එම පුවතින් අනාවරණය විය. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ද සිය තරුණ හිතුවක්කාර මිත්‍රයාගේ සුවය පතා නිවේදනයක් නිකුත් කරන්නට යෙදුණි.

උතුරු කොරියානු නායකයා පසුගිය අප්‍රේල් මාසයේ 15 දා පැවති සිය සීයාගේ උපන්දින සැමරුමට සහභාගී වී නොතිබුණි. ඔහු එවැනි සුවිශේෂී අවස්ථාවන් කිහිපයක්ම මගහැර තිබුණි. එරට පූජනීය කන්දක් නැගිමට පසුගිය සමයේ කිහිප වතාවක්ම පෙළඹුන 36 හැවිරිදි ලෝක ලෙඩෙක්ලෙස ප්‍රකට කිම් ජොං උන් ඒ හේතුවෙන්ම හදිසි හදවත් නාල ආශ්‍රිත රෝගයකට මුහුණ දී ඇති බව මුලින් වාර්තා විය. උතුරු කොරියාවේ  අන්තර්ජාල පුවත් පතක් වන ඩේලි එන් කේ වාර්තා කර තිබුණේ  පසු ගිය අප්‍රේල් 12 වන දින කිම් ජොන් උන්, හදවත් සැත්කමකට භාජනය වී ඇති බවයි. පුවත් වෙබ් අඩවියට අනුව ඔහුට මෙම සැත්කම සිදු කිරීමට සිදුව ඇත්තේ අධික ලෙස දුම් පානය කිරීමේ ඔහුට ඇති පුරුද්ද, අධික තරබාරුකම සහ අධිකව වෙහෙසවීම ආදී ක්‍රියාවන් හේතුවෙන් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහී තිබූ බැවිනි .කිම් තදින් අසනීපව මරණාසන්නව ඇති බව කියන පුවතට පණ ආවේ මේ අතරය.

කෙසේ වෙතත් දකුණු කොරියානු ආරංචි මාර්ග පසුගිය සඳුදා ඩේලි එන් කේ විසින් ප්‍රකාශයට පත්කරන ලද තොරතුරු සහ සිය පසමිතුරු නායකයාට අසාධ්‍ය බවට පැතිර ඇති කටකතාව ප්‍රතික්ෂේප කර තිබුණි.

කිම් ජොං උන් හත්පණක් ඇත්තෙකි. මීට පෙර අවස්ථා ගණනාවකදීද ඔහු මිය යාමට ආසන්න බවට වූ අසත්‍ය වාර්තා ගණනාවක්ම එළි දුටුවේය. කිම් ජොන් මීට පෙර 2014 දී මාසයකට වැඩි කාලයක් මහජන අවධානයෙන් අතුරුදහන්ව සිටි අතර ලොව පුරා මෙබඳුම කටකතා පැතිරිණි. පසුව දකුණු කොරියානු බුද්ධි අංශ පැවසුවේ ඔහුගේ වළලුකරෙහි සැත්කමක් සිදුකර ඇති බවයි.

 

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00