2020 අප්‍රේල් 04 වන සෙනසුරාදා

මැලේසියාවේ සෞඛ්‍ය සේවකයන්ට අගරුජනියගෙන් රාජ භෝජන

 2020 අප්‍රේල් 04 වන සෙනසුරාදා, පෙ.ව. 12:00 463

මැලේසියාවේ සෞඛ්‍ය අංශයේ සේවකයන්ට මේ දිනවල ලැබෙන්නේ රාජ භෝජනය. නිකම්ම රාජ භෝජන නොව රටේ අගරැජනියගේ අතින්ම උයාපිහා දුන් සුවිශේෂී රසමසවුළුය. රටේ දහස් ගණනක් කොවිඩ් 19 මාරකයට ගොදුරුව සිටියදීත් සිය දිවි පරදුවට තබා වෛරස රෝගයට එරෙහිව සටන් වදින සෞඛ්‍ය සේවකයන්ට තමන්ට කළ හැකි උපහාරයක් ලෙස සලකා ඇය සියතින්ම සැකසු අමුතු පන්නයේ අහාර දිනපතා ඔවුන් වෙත යැවීමට කටයුතු යොදා තිබේ.

මැලේසියාවේ සුන්ගායි බෝලෝ මහ ඉස්පිරිතාලය මෙන්ම මැලේසියානු විශ්වවිද්‍යාලයීය සෞඛ්‍ය මධ්‍යස්ථානය සහ අපදා පෙර සැකසුම් සහ ප්‍රතිචාර මධ්‍යස්ථානය ඇතුළු රට පුරා රෝහල් වෙත දිනපතා ඇයටම සින්න වු වට්ටෝරු අනුව රැජනගේ අතින්  සැකසු අමුතු රාජභෝජන පිරිනැමෙයි.මේ ආපදා අවස්ථාවේ කැප වී කටයුතු කරනා රජයේ සේවකයනට උපහාර දැක්වීම් වශයෙන් තමන්ට කළ හැකි පුංචිම උපකාරහක් ලෙස රුජන මේ රජ බොජුන් දානය හඳන්වා දී තිබේ.

කුකුළු මස් පැලැහුම්, රාජකීය බිත්තර කරි, රසකළ ගෝවා තීරු බැදුම්,මෙන්ම ග්‍රීන්බීන් බැදුම් සහ චොකලට් පතුරු යෙදූ රසැති කප්කේක් ඇය අතින් රාජකීය ඌරූවට සැකසි ඌජාරු අන්දමට සෞඛ්‍ය සේවකයන් වෙත තිළිණ කර යැවේ. මැලේසියාවේ  අල් සුල්තාන් අබ්දුල්ලා අල්හාජ් රජතුමාගේ අගමෙහෙසිය වන තුන්කුඅසීෂා අමීනාහ් මයිමුනාහ් ඉස්කාන්දාරියා රැජන ඇගේ  විවිධ සූප ශාස්ත්‍ර ශිල්ප සහිතඅමුතු  රාජ භෝජන පිළයෙළ  කිරීම සම්න්ධයෙන් ප්‍රසිද්ධය. ඇගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ විවිධ සූප විධි ගැන තොරතුරු එමටය.

 

සංස්කරණය: 
සුගත් පී. කුලතුංගආරච්චි