2020 අප්‍රේල් 04 වන සෙනසුරාදා

කීර්තිමත් ස්නායු ශල්‍ය වෛද්‍යවරයාත් කොරෝනා බිලිගනියි

 2020 අප්‍රේල් 04 වන සෙනසුරාදා, පෙ.ව. 12:00 400

අමෙරිකා එක්සත් ජනපදයේ කිර්තිමත් ස්නායු ශල්‍ය වෛද්‍යවරයකු වූ වෛද්‍ය ජේම්ස් ටී. ගුඩ්රිච් ද   Covid 19  වසංගතයේ බිල්ලක් බවට පත්විය. ඔහු මොළයේ සැත්කම් පිළිබඳව ජගත් කීර්තියක් හිමිකර ගත් තැනැත්තෙකි. 

වෛද්‍ය  ජේම්ස් 2016 නිව් යෝර්ක් හි Bronx ළමාරෝහලේදී හිසින් බද්ධ වී සිටි Jadon සහ Anias McDonald නම් දෙබිඩි නිවුන් දරුවන් සාර්ථක ලෙස වෙන් කිරීමේ ඓතිහාසික සැත්කම සිදුකල 40 ක් වූ වෛද්‍ය කණ්ඩායමේ ප්‍රධානියාය. මෙම වෛද්‍යවරයාය එම සැත්කම සිදිකරන විට දරුවන්ගේ වයස යාන්තම් මාස 13කි. ලෝකයේම අවධානය දිනාගත් එම සැත්කම පැය 27 ක දීර්ඝ කාලයක් ගතවූ  අසීරු අවදානම් සහිත සැත්කමකි.