2020 මාර්තු 26 වන බ්‍රහස්පතින්දා

චීනයේ වාර්තා බ්ඳින්නට ඇමෙරිකාව සැරසෙයි!

 2020 මාර්තු 26 වන බ්‍රහස්පතින්දා, ප.ව. 06:30 131

චීනය වසංගතයෙන් මිදී යද්දි ඇමරිකාව දැඩි අවදානමකට මුහුණ දී සිටියි. එරට ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට කොරෝනා වෛරසය ව්‍යාප්ත වෙමින් පවතින අතර බ්‍රහස්පතින්දා උදාසන  වනවිට ආසාදිතයින් 68,523ක්අ වාර්තා වී තිබුණි.  පුද්ගලයන් 1035ක් ඒ වනවිට මියගොස් සිටියහ. නිව්යෝර්ක් හි පමණක් ආසාදිතයින් 25,665 වාර්තා වී තිබේ. චීනයෙන් පසු ඉතාලිය ඇතුළු යුරෝපය දෙසට හැරුණු කොවිඩ් 19 ඊළඟ තෝරාගනු ඇත්තේ ඇමරිකාව බවට ලෝක සෞඛ්‍ය සංවිධානයද මේ වනවිට අනතුරැ අඟවා තිබේ. 

මේ වනවිට ජනාධිපති ට්‍රම්ප් විසින් සිය රට ලොක්ඩවුන් කර තිබෙන අතර එය එළඹෙන අප්‍රේල් 12 පමණ න විට සාධනීය තත්ත්වයකට පත්වනු ඇති බවට ඔහු  විශ්වාසය පළකරයි. කෙසේ වෙතත් එක්සත් ජනපදයේ ජනගහණයෙන් හරි අඩකටත් වඩා වැඩි පිරිසකට නිවෙස තුළම රැඳී සිටින ලෙස නියෝග කර ඇත. 

එරට වාර්තා අනුව අවම වශයෙන් ප්‍රාන්ත 15ක, නගර සභා 30ක මිලියන 166 කට වැඩි ජනගහණයක් එලෙස නිවෙස් තුළට කොටුකර ඇති බව සඳහන්. එය සමස්ථ ජනගහණයෙන් 51ක පමණ ප්‍රමාණයක් බව දැක්වෙයි. මෙම සතිය අවසන් වනවිට තවත් අවම වශයෙන් ප්‍රාන්ත දෙකකටවත් කොරෝනා බලපෑම එල්ල වනු ඇති අතර නගර සභා පහක ජනතාවද නිවෙස් තුළට සිමා කරන නියෝගය බලාපොරොත්තුව හිඳියි. 

සමස්තයක් ලෙස ජනගහණයෙන් මිලියන 180කට පමණ කොරෝනා වෛරසයේ බලපෑම එල්ල වනු ඇති අතර එය ජනගහණයෙන් 55ක් පමණ වන බවට දැනට නිරීක්ෂණය කර ඇත. කොරෝනා වෛරසය ව්‍යාප්තියෙන් හේතුවෙන් ලොව සුප්‍රසිද්ධ ඇමරිකාව පුරා ව්‍යාප්තව තිබෙන වැෆල් හවුස් අවන්හල් ජාලයේ 365ක් ද මේ වනවිට වසා දමා ඇත. කොරෝනා ව්‍යාප්තිය නිසා ඇතිව තිබෙන සියලු බලපෑම් මැද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මාධ්‍ය වෙත අදහස් දක්වමින් තිබුණේ ඇමරිකානුවන් ඉතා ඉක්මණින් සුපුරුදු රිද්මයට පැමිණීම සම්බන්ධයෙන් තමන් මහතා උනන්දුවෙන් බලා සිටින බවයි.