2020 මාර්තු 26 වන බ්‍රහස්පතින්දා

ඕස්ට්‍රේලියාව කොටුවෙයි!

 2020 මාර්තු 26 වන බ්‍රහස්පතින්දා, ප.ව. 06:30 24

සිය රටේ දේශසීමා සියලු අමුත්තන්ට වසා දමන බව ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් කීවේය. සිය රටේ පුරවැසියන්, ස්ථිර පදිංචිකරැවන් සහ ඔවුන්ගේ සමීප පවුලේ සාමාජිකයන්ට හැර ජාත්‍යන්තර සංචාරකයින්ට එරට තහනම් බව ඔහු කියයි.

18 වැනිදා ජීව ආරක්ෂක හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කළ ඔහු, රටේ පුරවැසියන් සියලුම විදේශ සංචාර අතහැර දැමිය යුතු බවද පැවසීය. අපි ඕස්ට්‍රේලියානුවන්ට මුළු ලෝකයටම බලපැවැත්වෙන පරිදි සංචාරක තහනම හතරවන මට්ටම දක්වා ඉහළ නංවනවා. එලෙස ඕස්ට්‍රේලියානු ඉතිහාසයේ සිදුවූ පළමු අවස්ථාව මෙයයි. එය අවිනිශ්චිත තහනමක්* යැයි ඔහු පැවසීය.

මාර්තු 15 වැනි දින මොරිසන් පවසා ඇත්තේ එරටට පැමිණෙන ජාත්‍යන්තර සංචාරකයින් දින 14 ක් නිරෝධායනය විය යුතු බවත්ය. එසේම විදේශීය නෞකා දින 30 කට රටට ඇතුළු වීම තහනම් කරන බවත්ය.

 

 

 

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00