2020 මාර්තු 14 වන සෙනසුරාදා

ලෝකේ ලොක්කන්ටත් කොරෝනා!

 2020 මාර්තු 14 වන සෙනසුරාදා, ප.ව. 12:30 116

ලෝකයේ ලොකු ලොක්කන්ටත් කොවිඩ්19 බලපෑමෙන් මිදීමට හැකිවී නැත. ළඟම ආරංචිය ආවේ කැනේඩියානු අගමැති ජස්ටින් ටෘඩෝගේ බිරිඳ කොවිඩ් ආසාදිත රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් ස්වයං නිරෝධායනයට ලක්ව තිබේ. තමා සහ බිරිඳ යන දෙදෙනාම ස්වයං නිරෝධායනයට ලක්වන බව අගමැති ටෘඩෝ නිවේදනය කර ඇත. කෙසේ නමුත් ටෘඩෝගේ බිරිඳ වෛරසයට ගොදුරු වී ඇත්ද යන්න මෙතෙක් තහවුරුවී නොමැති අතර බ්‍රසීල ජනාධිපති ජායිර් බොල්සොනාරෝද වෛද්‍ය පරීක්ෂණයකට භාජනය වී තිබේ. 

ප්‍රංශ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා වන 46 හැවිරිදි ෆ්‍රෑන්ක් රීස්ටර් හට නව කොරෝනා වෛරසය ආසාදනය වී තිබූ බව කලින් වාර්තා විය. මීට පෙරද එරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 5 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබුණි. බි‍්‍රතාන්‍ය කණිෂ්ට සෞඛ්‍ය අමාත්‍යවරියද වෛද්‍ය පරීක්ෂාවකට ලක්වී තිබෙන බව පසුගිය සතියේ වාර්තා විය. එහිදී ඇයට කොරෝනා වයිරසය ආසාදනය වූ බවට හෙළිවී ඇත.  ඒ අනුව කණිෂ්ට සෞඛ්‍ය අමාත්‍යවරියට අවශ්‍ය ප‍්‍රතිකාර වෙනම ලබාදීමට කටයුතු කර තිබුණි. ඒ අතර ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා කොමේනිගේ ඇතුළු කවයේ ප්‍රබලයෙකු සහ ඔහුගේ ජ්‍යේෂ්ඨතම උපදේශකවරයා ලෙස සැලකුණු මොහොමද් මිරමොහම්මදි කොරෝනා වෛරසය ආසාදනයෙන් මිය ගියේය. සුපිරි නළු ටොම් හෑන්ක්ස් සහ ඔහුගේ බිරිඳ රීටා විල්සන්ද මේ වනවිට ඕස්ට්‍රේලියාවේ නිරෝධායන කටයුතුවලට යොමුකර ඇත. ටොම් හෑන්ක්ස් මෙන්ම ඔහුගේ බිරිඳද අමෙරිකාවේ ප්‍රසිද්ධ නිළියකි. මේ වනවිට ඔවුන් සමඟ සමීපව ආශ්‍රය කළ අනෙක් පිරිස්ද නිරෝධායන කටයුතුවලට යොමුකර ඇත. මෙයට පෙර පාප්තුමන්ටද කෙරෝනා වැළඳී ඇතැයි සැක කෙරිණි. සුපිරි පාපන්දු සූර රොනාල්ඩෝ හටද කෙරෝනා වලින් බේරෙන්නට නොහැකි විය.