2020 මාර්තු 14 වන සෙනසුරාදා

ලොව පළමු කාන්තා ජෙට් පැක් නියමුවරිය!

 2020 මාර්තු 14 වන සෙනසුරාදා, ප.ව. 12:30 104

පියාසර ඇඳුම් කට්ටලයක් හෙවත් ජෙට් ඇඳුම් කට්ටලයක් පැළඳ පියාසර කළ, ලොව පළමු කාන්තාව වීමේ භාග්‍යය ලී කෝට්ස් නමැති 47 හැවිරිදි කාන්තාවකට හිමිව තිබේ. ඇය ලී කෝට්ස් නමැති හතළිස් හත් හැවිරිදි කාන්තාවකි. ලී කෝට්ස් වෘත්තියෙන් හෙලිකොප්ටර් යානා නියමුවරියකි. එමෙන්ම ඇය වෘත්තිය හිම ක්‍රීඩිකාවක්ද වෙයි. ඇයගේ පියාසර ඇඳුම් කට්ටලය කිලෝග්‍රෑම් 57ක බරින් යුතු වන අතර කුඩා ප්‍රමාණයේ ටර්බයින් 5ක් ඊට ඇතුළත්ය.

පියාසර ඇඳුම් කට්ටලයක් පැළඳ පියාසර කිරීමට තමාට අවස්ථාව හිමිවූ විට තරමක් කලබලකාරී හැඟීමක් දැනුණු බව ලී පැවසුවේය. එහිදී පියසැරිය පාලනය කරනු ලබන්නේ ඇයගේ බාහුවලිනි. එළඹෙන මාසයේදී බර්මියුඩාවේ පැවැත්වෙන ජාත්‍යන්තර ජෙට් ඇඳුම් පියාසර තරගාවලියට ඉදිරිපත් වීමටත් ලී කෝට්ස් බලාපොරොත්තු වෙයි. සිහින හඹාගෙන යෑම සඳහා කාන්තාවන් දිරිමත් කිරීම ඇයගේ ඉදිරි අපේක්ෂාවයි.

 

 2020 ජුලි 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 ජුනි 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 ජුලි 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 ජුනි 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 ජුලි 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00