2020 මාර්තු 14 වන සෙනසුරාදා

ගුවනින් ගමන් නවතියි!

 2020 මාර්තු 14 වන සෙනසුරාදා, ප.ව. 12:30 70

කොරෝනා වෛරසය හේතුවෙන් ලොව පුරා දහස් ගණන් ගුවන් ගමන් අවලංගු වී ඇත. බ්‍රිතාන්‍ය ගුවන් සමාගම, රයන් එයා සහ ඊසි ජෙට් යන සමාගම් ඉතාලිය ඇතුළු තවත් රටවල් ගණනාවකට ගුවන් ගමන් රාශියක් අවලංගු කර තිබේ. නෝර්වීජියානු එයාර් සමාගම පවසා ඇත්තේ ඉදිරි මාස තුන ඇතුළත ගුවන් ගමන් 3,000ක් පමණ අවලංගු කරන බවය.

ඉතාලියට හා චීනයට සංචාර සීමා කිරීම හේතුවෙන් සමහර ගුවන් සේවා මුළුමනින්ම නවතා දැමීමට සිදුව ඇති අතර, සංචාරකයන් ඔවුන්ගේ සැලසුම් අත්හිටුවීම සහ ගමන් සීමා කරන ලෙස විවිධ සමාගම් සිය කාර්ය මණ්ඩලවලට උපදෙස් දීම ගුවන් ගමන් අඩු වීමට හේතු වී තිබේ.

ඒ අතර යානා ගුවන්ගත කිරීම සහ ගොඩබෑම සඳහා ගුවන් තොටුපොළවලින් වෙන් කර ඇති වෙලාව සහ ස්ථානය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් සමහර ගුවන් සමාගම් හිස් ගුවන් යානා පවා පියාසර කරවීමට ක්‍රියාකර ඇත. කොරියානු ගුවන් සමාගම අනතුරු අඟවමින් ප්‍රකාශ කළේ කොරෝනා වෛරසය පැතිරීමත් සමග එම සමාගමේ පැවැත්මට තර්ජන එල්ල වී ඇති බවය. කොරෝනා වෛරසය හේතුවෙන් මගීන්ගේ ගුවන් ගමන් ඉල්ලුම පහත වැටී ඇති බැවින් ජාත්‍යන්තර ගුවන් ගමන් 25% කින් පමණ අඩුකරන බව ඕස්ට්‍රේලියාවේ ක්වාන්ටස් ගුවන් සමාගම පවසයි. ඉදිරි මාස හය තුළ ක්වන්ටාස් සහ ජෙට්ස්ටාර් ගුවන් ගමන් අවම මට්ටමක පවතිනු ඇත.

යුරෝපීය ගුවන්තොටුපොළ නියෝජනය කරන ඒසීඅයි යුරෝප් සමාගම පැවසුවේ කොරෝනා වෛරසය හේතුවෙන් ජනවාරි සහ මාර්තු අතර ගුවන් මගීන් සංඛ්‍යාව 14% කින් පහත වැටෙනු ඇතැයි ඔවුන්ගේ මූලික තක්සේරැව බවය.

 

 2020 මාර්තු 26 වන බ්‍රහස්පතින්දා, ප.ව. 06:30
 2020 මාර්තු 26 වන බ්‍රහස්පතින්දා, ප.ව. 06:30
 2020 මාර්තු 26 වන බ්‍රහස්පතින්දා, ප.ව. 06:30
 2020 මාර්තු 26 වන බ්‍රහස්පතින්දා, ප.ව. 06:30