2020 මාර්තු 14 වන සෙනසුරාදා

චාල්ස්ගෙන් ආයුබෝවන් !

 2020 මාර්තු 14 වන සෙනසුරාදා, ප.ව. 12:30 170

බ්‍රිතාන්‍යයේ චාල්ස් කුමරු සුදු ජාතිකයන්ට අනන්‍ය වූ අතට අත දී ආචාර කිරීම අමතක කර, අත් එකතුකර ආචාර කිරීමේ ආසියානු ක්‍රමවේදය වෙත යොමුවී තිබේ. චාල්ස් කුමරු මෙවැනි ආචාර කිරීමක් සිදුකර ඇත්තේ බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර පැවති ප්‍රින්සස් ට්‍රස්ට් සම්මාන උළෙලට සහභාගී වූ අවස්ථාවේදීය. මෙහිදී චාල්ස් කුමරුන් අනුගමනය කරමින් එහි පැමිණි බොහෝ අමුත්තන්ද එම ආචාර ක්‍රමය අනුගමනය කරන ආකාරය දැකිය හැකිවිය. කෙසේ වෙතත් මෙහිදී ඇතැම් අවස්ථාවල කුමරුන් අතැමුන් සමඟ අතට අතදී ආචාර කිරීම්ද දක්නට ලැබුණි.

ඉන්දියාවේ පළමු කොරෝනා නොහොත් කොවිඩ් - 19 මරණය කර්ණාටක ප්‍රාන්තයෙන් වාර්තා වෙයි. 

මෙහිදී මරණයට පත්ව තිබෙන්නේ 76 හැවිරිදි පුද්ගලයෙකි. නියුමෝනියාව, ආතතිය සහ ඇදුම රෝගවලින් බරපතළ තත්වයෙන් රෝහල් ගතකළ ඔහු, කොවිඩ්-19 ආසාදිතයෙකු බවට තහවුරු වී තිබේ.

ඔහු රෝහල්ගත වීමට පෙර සහ ඔහුගේ මරණයට පෙර ඔහු සමඟ සමීපව සිටි අය සහ ස්ථානයන් නිරෝධායනය කිරීම ආරම්භ කර ඇති බවද ඉන්දීය සෞඛ්‍ය සේවාවන් ප්‍රකාශ කරයි. මෙම තැනැත්තා මෙයට මඳ කලකට පෙර සෞදි අරාබියේ සිට ඉන්දියාව බලා පැමිණි අයෙකු බවද තවදුරටත් වාර්තා වේ.

මෙම මරණය සිදුව තිබෙන්නේ මෙයට දින 2කට පෙරය. කෙසේ නමුත් ඊයේ දිනය වනතෙක්ම කර්ණාටක සෞඛ්‍ය බලධාරීන් පවසමින් සිටියේ ඔහුගේ මරණයට හේතුව කොරෝනා නොවන බවයි. කෙසේ නමුත් මෙය කොරෝනා මරණයක් බව සනාථ කිරීමට ප්‍රමාද වූයේ එය වෛද්‍යාගාර වාර්තාවලින් සනාථ කිරීමට අදාළ කාලය අවශ්‍ය වූ නිසා බවද ඉන්දියාව පවසයි.

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00