2020 මාර්තු 14 වන සෙනසුරාදා

පුංචිම කුරුලු පොසිලයක්!

 2020 මාර්තු 14 වන සෙනසුරාදා, ප.ව. 12:30 135

ලොව කුඩාම (ඩයනසෝර්) පොසිලය හමු වූ බව වාර්තාවේ. එය  හමු වී තිබෙන්නේ මියන්මාරයේ උතුරු ප්‍රදේශයෙනි. මෙම අපූරු සොයාගැනීම මගින් දැවැන්ත ඩයනසෝරයන් කුඩා කුරුල්ලන් තෙක් පරිණාමය වුණේ කෙලෙසද? යන්න පැහැදිලි කර ගැනීමටද ආලෝකයක් සපයනු ඇතැයිද සැලකෙයි.

එම ව්‍යාපෘතියට හවුල් වූ කණ්ඩායමේ විද්‍යාඥවරියක් විසින් නව සොයාගැනීම හඳුන්වනු ලැබ තිබෙන්නේ (එය තමා මෙතෙක් සම්බන්ධ කැනීම්වලදී හමුවූ අරුම පුදුම පොසිලය) හැටියටය. සොයාගනු ලැබ ඇති පොසිලයේ ඉතිරිව පවතින්නේ හිස කොටස පමණි. එබැවින් එය පක්ෂීන්ට සම්බන්ධ වී තිබුණ ආකාරය අපැහැදිලිය. එම පොසීල ශීර්ෂයේ ඇතැම් කොටස් ඩයනසෝරයන්ට සමාන බවක් ගනී. එසේම එහි තවත් කොටස් ඉතා දියුණු පක්‍ෂීන්ට සමාන වෙයි.

දුම්මල විශේෂයක් අතරින් හමු වී ඇති කහ පැහැයට හුරු එම පොසිල ආදර්ශය කුරුල්ලකුගේ හිසක හැඩයෙන් යුක්ත අතර, එය වසර මිලියන අනූ නවයක් (99) තරම් පැරණි එකකැයි පැවසෙයි.‍ එම සොයාගැනීම සම්බන්ධයෙන් (නේචර්) (Nature) සඟරාවට ලිපියක් සම්පාදනය කරන පර්යේෂකයෝ තමන්ට හමු වූ පොසිලය දැනට ජීවමාන කුඩාම පක්ෂියා වන (හමින්) කුරුල්ලා (hummingbird) තරමේ වූවකැයි සඳහන් කොට ඇත.

මේ වනවිට සොයාගනු ලැබ ඇති කුඩාම ඩයනසෝරයන් (Microraptor) පක්ෂීන් මෙන් ග්‍රෑම් සිය ගණනක් බරින් යුක්ත අතර (හමින්) කුරුල්ලකුගේ (hummingbird) බර ග්‍රෑම් දෙකක් පමණි.

 

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00