2020 මාර්තු 07 වන සෙනසුරාදා

පරිසර දූෂණයට එරෙහි කොරෝනා

 2020 මාර්තු 07 වන සෙනසුරාදා, ප.ව. 12:30 99

හැමදේම වෙන්නේ හොඳටයි කියන්නට මෙන් දහස් ගණන් ජීවිත බිලිගත් නව කොරෝනාව අලුත් පාඩමක් ප්‍රායෝගිකව කියාදී තිබේ. ඒ මිනිසාට අවශ්‍ය නම් ඉතා කෙටිකලකින්ම සුළු ප්‍රයත්නයකින් මේ දැනට සිදුවන පරිසර දූෂණය වැළැක්වීම සුළු කාරණාවක් බවය. චීනයේ පරිසර දූෂණ මට්ටමේ විශාල අඩුවීමක් පෙන්නුම් කරන බව නාසා ආයතනය ලබාගත් චන්ද්‍රිකා ඡායාරූපවල සටහන් වී තිබීමෙන් මේ කාරණාව තහවුරු වේ.

මෙම වසර තුළ නයිට්‍රජන් ඩයොක්සයිඩ් මට්ටම පහත වැටී ඇති ආකාරය නාසා සිතියම් මගින් පෙන්නුම් කෙරේ. කොරෝනා වෛරසය පැතිරීමත් සමග නිෂ්පාදන කටයුතු නතර කිරීම නිසා චීනයේ කර්මාන්තශාලාවල ක්‍රියාකාරකම් වාර්තාගත ලෙස පහත වැටීම මෙම තත්ත්වයට හේතු වී තිබේ.

මෝටර් රථ හා කාර්මාන්තශාලා මගින් විමෝචනය වන හානිකර වායුවක් වන නයිට්‍රජන් ඩයොක්සයිඩ් මට්ටම අවම වීම ප්‍රථමයෙන් නිරීක්ෂණය වූයේ, වෛරසය පැතිරීම ආරම්භ වුණු වූහාන් නගරයෙන් වන අතර පසුව එය රටපුරා දැකගත හැකිවූ බව නාසා විද්‍යාඥයෝ පවසති. 2019 වසරේ මුල් මාස දෙක සහ මෙම වසරේ එම කාල පරිච්ඡේදය සසඳා බැලීමට නාසා ආයතනය ක්‍රියාකර ඇත.

ප්‍රවාහන සහ ව්‍යාපාරික කටයුතු සඳහා පනවා ඇති සීමා සහ මිලියන සංඛ්‍යාත ජනතාවක් නිරෝධායනය කරා යොමු කිරීමත් යන හේතු මත වායු දූෂණ මට්ටම පහත වැටී ඇතැයි අභ්‍යවකාශ ආයතනය සඳහන් කරයි. 2008 වර්ෂයේ ආර්ථික අවපාතය සිදු වූ කාල වකවානුවේදී නයිට්‍රජන් ඩයොක්සයිඩ් මට්ටම පහත වැටීමක් නිරීක්ෂණය වූ නමුත් එය ක්‍රමයෙන් සිදුවූයේ ක්‍රමානුකූලවය. විශේෂිත සිදුවීමක් හේතුකොටගෙන පුළුල් ප්‍රදේශයක් පුරා විශාල ලෙස වායූ දූෂණය පහත වැටීමක් දුටු පළමු අවස්ථාව මෙය බව නාසාහි ගොඩාඩ් අභ්‍යවකාශ පියාසර මධ්‍යස්ථානයේ වායු ගුණාත්මක පර් ෙය්ෂක ෆී ලියු ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියාය.

 2020 මැයි 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 මැයි 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 මැයි 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 මැයි 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00