2020 මාර්තු 07 වන සෙනසුරාදා

අමෙරිකා ජනාධිපතිවරණය : මිලියන 409 ක් දියකර බ්ලූම්බර්ග් ඉවත්වෙයි!

 2020 මාර්තු 07 වන සෙනසුරාදා, ප.ව. 12:30 170

අමෙරිකා ජනාධිපතිවරණ සටනට රිපබ්ලිකන් පක්ෂයේ ඩොනල්ඩ් ට්‍රම්ප් සමග තරග කිරීමට ඩිමොක්‍රටික් පක්ෂයේ ජෝ බයිඩන් සුදුසුකම් ලබා ඇත. ප්‍රාන්ත 14ක පැවැති මැතිවරණවලින් ප්‍රාන්ත 09 කම ජය ඔහුට හිමිව තිබුණි. මේ අතර තමා ඩොනල්ඩ් ට්‍රම්ප් පළවා හැරීමට ඕනෑතරම් සල්ලි වීසිකරන බව කී ඩොලර් බිලියන 60ක වත්කම් හිමි  ලෝක සල්ලිකාරයා මයිකල් බ්ලූම්බර්ග් ඇමෙරිකා ජනාධිපතිවරණ සටනින් ඉවත්වීමට තීරණය කර තිබේ. ට්‍රම්ප්ට එරෙහිව සිටි අනෙක් ප්‍රබල අපේක්ෂිකාව වූ එලිසබෙත් වොරන්ද තරගයෙන් ඉවත්විය.

බ්ලූම්බර්ග් නිව්   ෙයා්ර්ක්හි හිටපු නගරාධිපතිවරයායි. පසුගිය මාස 3 ඇතුළත ඔහු  මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ඇමෙරිකා ඩොලර් මිලියන 409ක මුදලක් වැයකර ඇත. බ්ලූම්බර්ග් ෆේස්බුක් දැන්වීම් සඳහා සාමාන්‍යයෙන් දිනකට ඩොලර් මිලියනයකට වඩා වැයකරයි. ප්‍රාන්ත 14 ක ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිත වූ “සුපිරි අඟහරුවාදා” ලෙස නම් කර තිබූ මාර්තු 3 ප්‍රාථමික ඡන්ද විමසීමට පෙර, බ්ලූම්බර්ග් කැලිෆෝනියාවේ රූපවාහිනී හා අන්තර්ජාල වෙළඳ දැන්වීම් සඳහා ඩොලර් මිලියන 40ක්, ටෙක්සාස් හි ඩොලර් මිලියන 33 ක්, උතුරු කැරොලිනාවේ ඩොලර් මිලියන 9.5ක් සහ මැසචුසෙට්ස් හි ඩොලර් මිලියන 6 ක් වියදම් කර තිබේ. වර්ජිනියා සහ ඇලබාමාහි රූපවාහිනී දැන්වීම් විකාශය කළ එකම අපේක්ෂකයා ඔහුය. මිත්‍ර ප්‍රකෝටිපතියෙකු වන ටොම් ස්ටියර් හැර, වෙනත් කිසිදු ඩිමොක්‍රටික් අපේක්ෂකයෙකු මේ දක්වා මුලු ප්‍රාන්ත 14 තුළම ඩොලර් මිලියන 10ක් වත් වියදම් කර නැත.

බ්ලූම්බර්ග් දැන්  කියන්නෙ  ඇමෙරිකා හිටපු උප ජනාධිපතිවරයෙකුද වූ ජෝ බීඩ්න් හට තමන්ද සහාය දක්වන බවයි. ඇමෙරිකා ජනාධිපතිවරණ පැවැත්වෙන්නේ ලබන නොවැම්බර් මාසයේදීය. වර්තමාන ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රිපබ්ලිකන් පක්ෂයෙන් මෙවර ජනාධිපතිවරණට ඉදිරිපත් වෙයි. ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂකයා තේරීමට ප්‍රාන්ත ඡන්ද විමසීම පසුගිය දිනවල සිදුවිය. සුපර් ටියුස්ඩේ ලෙසින් නම්කර තිබූ ඉකුත් අඟහරුවාදා දිනයේදී ප්‍රාන්ත 14ක පැවති මැතිවරණයෙන් ටෙක්සාස්, මැසචුසෙට්, මිනිසෝටා, ඔක්ලහෝමා, ආකන් සාස්, ඇලබාමා, ටෙනසි, උතුරු කැරොලිනා සහ වර්ජිනියා ප්‍රාන්තවල ජයග්‍රහණය හිමිකර ගැනීමට ජෝ බයින්ඩන්ට හැකිවිය. වර්ජිනියා සහ උතුරු කැරොලිනා ප්‍රාන්ත මෙම ජනාධිපතිවරණයේ තීරණාත්මක ප්‍රාන්තය .මෙවර ජනාධිපතිවරණයට කැපී පෙනෙන චරිත ලෙස බිලියනපතියකු වන මයික් බ්ලූම්බර්ග් සහ එලිසබෙත් වොරන්ද ඉදිරිපත්ව සිටියහ.

 

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00