2020 පෙබරවාරි 29 වන සෙනසුරාදා

දිල්ලියේ ආගම් ගින්න නැවතත් ඇවිලේ!

 2020 පෙබරවාරි 29 වන සෙනසුරාදා, ප.ව. 12:30 126

ඉන්දියාවේ පුරවැසි සංශෝධන නව පනත මුස්ලිම් විරෝධී පියවරක් ලෙස දක්වමින් පසුගිය වසරේදී එම පනත සම්මත කරගනු ලැබීමෙන් පසු හටගත් උද්ඝෝෂණ දැන්  ප්‍රචණ්ඩකාරී මුහුණුවරක් ගෙනතිබේ. දිල්ලි අගනුවර නව නීතියට පක්ෂ සහ ඊට එරෙහි උද්ඝෝෂකයන් අතර නොකඩවා තුන් රැයක් පුරා, හටගත් ගැටුම්වලින් විසිදෙනෙකු මරණයට පත්වූහ. දශක කිහිපයකට පසු දිල්ලි නුවරින් වාර්තා වූ දරුණුතම කලහකාරී තත්ත්වය මෙයයි.

නව පුරවැසි පනතට එරෙහි සහ ඊට සහාය දක්වන උද්ඝෝෂකයන් අතර ගැටුම් ආරම්භ වූයේ පසුගිය ඉරිදාය. එය ක්‍රමයෙන් ආගම මුල් කරගත් ගැටුමක් බවට පත් වී තිබේ. පොලු සහ යකඩ කූරු අතැති කල්ලි විසින් නිරායුධ පුද්ගලයන්ට පහර දෙන ආකාරය දැක්වෙන ඡායාරූප සහ වීඩියෝ පට සමාජ ජාලා ඔස්සේ පළ වී තිබුණි. මෙය “තැති ගන්වන සුළු” තත්වයක් බව පවසන දිල්ලියේ මහ ඇමති අරවින්ද් කේජ්රිවාල් ඉල්ලා සිටියේ යුද හමුදාව කැඳවිය යුතු බවය.

 

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00