2020 පෙබරවාරි 22 වන සෙනසුරාදා

ජාම බේරාගත් ට්‍රම්ප් දැන් රට ගිනි තියයි !

 2020 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 12:30 190

තමන්ට එරෙහිව ආ දෝෂාභියෝගයෙන් යාන්තම් ජාම බේරාගත් ඩොනල්ඩ් ට්‍රම්ප් දැන් නැවතත් රට සහ ලෝකය ගිනි තැබීම අරඹා තිබේ. 2020 ජනාධිපතිවරණයෙන් පහසු ජයක් අපේක්ෂාවෙන් කටමැත දොඩන ට්‍රම්ප් ඇරිසෝනා ප්‍රාන්තයේ පැවැති ජනහමුවකට එක්වෙමින් විපක්ෂ අපේක්ෂකයන් හාස්‍යයට ලක් කළේය.

අමෙරිකානු ජනාධිපතිවරණය මේ වසර අවසානයේදී පැවැත්වීමට නියමිතය. ඒ සඳහා ඉදිරිපත් වන ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂකයා තෝරාගැනීම සඳහා වන ප්‍රාථමික මැතිවරණ සහ විවාද මේ දිනවල පැවැත්වෙයි. ඉදිරි මැතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින විපක්ෂ අපේක්ෂකයන් විවේචනය කරමින් මත දැක්වීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටයුතු කර තිබුණේ ඒ අතරය.

ඔහුට එරෙහිව අභියෝගයක් වන විපක්ෂ අපේක්ෂකයන් තෝරා බේරා උපහාසයට ලක්කිරීම දැන් ට්‍රම්ප්ගේ විනෝදයයි. ඔහු ටොම් ස්ටේයර් මුග්ධයෙක් ලෙසත්, කෝටිපති අපේක්ෂක මයික් බ්ලූම්බර්ග් ‘මිනි මයික්' ලෙසත්, නම් කිරීමට කටයුතු කර තිබුණි. එමෙන්ම ඔහුගේම රිපබ්ලිකන් පක්ෂයේ සෙනෙට් සභික, මිට් රොම්නි අර්ධ බුද්ධියක් ඇත්තෙක් ලෙසින් නම් කිරීමටත් කටයුතු කළේය. පසුගිය පෙබරවාරි මාසයේදී ජනාධිපති ට්‍රම්ප්ට එරෙහිව පැවැති විශ්වාසභංග යෝජනාවේදී ඔහුට එරෙහිව ඡන්දය භාවිත කළ එකම නීති සම්පාදකයා වූයේද රොම්නියි.

මේ අතර ජනාධිපතිවරයාගේ මතභේදාත්මක ප්‍රකාශය මේ වනවිට ලොව පුරා දැඩි කතාබහට ලක්ව ඇත්තේ එය දේශපාලනමය වශයෙන් නොහික්මුණු ක්‍රියාවක් බව කියමිනි.

 

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00