2020 පෙබරවාරි 15 වන සෙනසුරාදා

සඳක් සමඟ ග්‍රාහකයක් පොළොව අසලට!

 2020 පෙබරවාරි 15 වන සෙනසුරාදා, ප.ව. 12:30 317

තමන්ටම කියා සඳක් හිමි අපූරු ඇස්ටරොයිඩයක් හෙවත් ග්‍රාහකයක් පෘථිවියට ඉතා ආසන්නයෙන් ඇදී ගියේය. 2020 BX12 ලෙස නම් කර ඇති මේ ද්විත්ව ග්‍රාහක අතරින් විශාලතම එක අඩි 1,476ක විශ්කම්භයකින් යුතු අතර එය වටා යන කුඩා ග්‍රාහක කැබැල්ල අඩි 230ක් තරම්ය.

පෘථිවියට හෝ මිනිසුන්ට හානිදායක නොවන අයුරින් ගමන්ගත් මේ ග්‍රාහකය පුවෙර්ටෝරීකෝවේ ආසීබෝ නිරීක්ෂණාගාරය මගින් ඡායාරූප ගත කරන ලදි. මෙය පෘථිවියේ සිට සඳ පිහිටා ඇති දුර මෙන් 11 ගුණයක් ඈතින් ගමන් ගත්තේය. අනාගත දිනයක මේ ග්‍රාහක යුවල සඳටත් වඩා ආසන්නයෙන් මහ පොළොව ළඟින්ම ගමන් කළ හැකි බව විද්වතුන්ගේ මතයයි. වසර 2200ට පෙර මේ ගමන සිදුවිය හැකි බව ඔවුන් කියා තිබේ.

 

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00