2020 පෙබරවාරි 08 වන සෙනසුරාදා

ගුවන් යානයක් 3ට කැඩෙයි! 3ක් මරුට

 2020 පෙබරවාරි 08 වන සෙනසුරාදා, ප.ව. 12:30 112

157කගෙ දිවි ගැළවෙයි

බෝයිං 737 ගුවන් යානයක් නැවත වතාවක් අනතුරකට ලක්ව තිබේ. ද පෙගසස් ගුවන් සමාගමට අයත් මගීන් 171 දෙනෙක් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් හයදෙනක් රැගත් එම ගුවන් යානාව තුර්කියේ ඉස්තාන්බූල්හි සබීහා ගෝක්සන් ගුවන්තොටුපොළේ ගොඩබැස්වීමට ගත් උත්සාහයක් අතරතුර අනතුරට පත්ව තිබුණි. එම අවස්ථාවේ කාර්ය මණ්ඩල සාමාජිකයින් 6 දෙනෙකු ඇතුළුව යානයේ සිටි පුද්ගලයින් සංඛ්‍යාව 177කි. ඉන් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තවත් 157 දෙනෙකු පමණ තුවාල ලබා තිබේ. 

මේ බෝයිං 737 වර්ගයේ යානාව අනතුරට පත්වන අවස්ථාවේදී අදාළ කලාපයේ දැඩි වර්ෂාපතනයක් මෙන්ම සුළං තත්ත්වයක්ද පැවැතී ඇත. යානාව අනතුරට පත්වීමත් සමඟින් මුදාගැනීමේ කඩිනම් මෙහෙයුමක් ආරම්භ කෙරුණු අතර තුවාල ලැබූවන් එහිදී කඩිනම් රෝහල් කරා යොමු කෙරුණි. අයහපත් කාලගුණය හේතුවෙන් යානාව නිවැරදිව ගොඩබැස්ස වීමට නොහැකි වූ බවත්, ධාවන පථයද ඉක්මවා ගොස් එය අනතුරට පත්වූ බවත් වාර්තා වෙයි. අනතුර පත්වන අවස්ථාවේදී යානාවේ සිටි මගීන්ගෙන් බහුතරය තුර්කි ජාතිකයන් වූ අතර එහි විදේශිකයින් විසිදෙනෙකුද සිටි බවට සඳහන්ය. අනතුරත් සමග ඉස්තාන්බුල් ගුවන්තොටුපොළ තාවකාලිකව වසා දැමුණි. 

 

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00