2020 පෙබරවාරි 08 වන සෙනසුරාදා

වැඩියෙන් උඩ සිටි කත අහසින් පොළොවට!

 2020 පෙබරවාරි 08 වන සෙනසුරාදා, ප.ව. 12:30 128

අභ්‍යවකාශයේ වැඩිම කාලයක් රැඳී සිටි කාන්තාව ලෙසින් වාර්තා අතරට එක්වූ ගගනගාමී ක්‍රිස්ටිනා කෝච් ඇතුළු කණ්ඩායම ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට නැවත පෘථිවිය බලා පැමිණියහ.

මෙසේ ආපසු පෘථිවිය බලා පැමිණියේ ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රැඳී සිටි අමෙරිකානු ගගනගාමී ක්‍රිස්ටීනා කෝච් සහ තවත් ගගනගාමී දෙදෙනෙකි. පිරිස රුසියාවට අයත් සෝයූස් අභ්‍යවකාශ යානාවක නැගී පෘථිවිය වෙත ගමන් ආරම්භ කර ඇත්තේ වාර්තාගත සේවා කාලයක් අවසන් කිරීමෙන් අනතුරුවය. යානාව කසකස්තානය වෙත ගොඩ බස්වා තිබේ.

කෝච් ඇතුලු කණ්ඩායමට යුරෝපා ගගනගාමී ලූකා පාර්මිටානෝ සහ රුසියානු අජටාකාශගාමී ඇල්සැන්ඩර් ස්කොර්ට්සොව් අයත්ය. කෝච්ගේ නායකත්වයෙන් යුත් කණ්ඩායම දින 328ක කාලයක් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රැඳී සිටියහ. මෙය සැලකෙන්නේ කාන්තාවකගේ නායකත්වයෙන් කළ පළමු අභ්‍යවකාශ චාරිකාවද ලෙසය. මෙම චාරිකාව අවසන් වූයේ අභ්‍යවකාශයේ වැඩිම කාලයක් රැඳී සිටි කාන්තාව බවට කෝච් පත්කරමිනි. එම වාර්තාව මීට පෙර නාසා ගගනගාමී පෙගී විට්සන් සතු විය.

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00