2020 ජනවාරි 18 වන සෙනසුරාදා

ලොව පළමු ජෛවීය රොබෝ සෙනෝබොට්ස්

 2020 ජනවාරි 18 වන සෙනසුරාදා, ප.ව. 12:30 173

රොබෝ තාක්ෂණය තුළ දැවැන්ත විප්ලවයක් ඇතිකරමින් ලොව පළමු ජෛවීය රොබෝවන් ලොවට හඳුන්වාදීමට අමෙරිකානු විද්‍යාඥයන් පිරිසක් සමත්ව ඇත.  සෙනෝපස් ලාවිස් නම් අප්‍රිකානු මැඩියන් විශේෂයක ශුක්‍රාණු සෛල භාවිතයෙන් සෙනෝබොට්ස් නමින් වූ මෙම ලොව පළමු සජීවී රොබෝවන් නිෂ්පාදන කිරීමට ඔවුන්ට හැකිව ඇත.

ස්වයංව සුවපත් වීමේ විශිෂ්ට හැකියාවෙන් යුත් මේ රොබෝවා සැලකෙන්නේ ජීව විද්‍යාත්මක යන්ත්‍රයක්, එනම් බයලොජිකල් මැෂීන් එකක් හැටියටය. ඉතා අසීරු ශෛල්‍යකර්මයන් සඳහා මෙම නවතම ක්ෂුද්‍ර රොබෝවන් යොදාගත හැකි බව එහි නිමැවුම්කරුවෝ කියති. ප්‍රමාණයෙන් අඟල් දශම බින්දුවයි 4ක් තරම් කුඩාවට මෙම රොබෝවන් නිපදවා තිබේ. එනිසාම මෙම යන්ත්‍රය මිනිස් සිරුරක් තුළට කිසිදු ගැටලුවක් නොමැතිව ඇතුල්කිරීමේ හැකියාවෙන් යුක්තයි. ඇවිදිය හැකි, පිහිනිය හැකි, ආහාර නොමැතිව සති ගණනාවක් වුවත් පැවැතිය හැකි මෙම ක්ෂුද්‍ර රොබෝවන්ට කණ්ඩායම් වශයෙන් කටයුතු කිරීමේ හැකියාවද පවතියි.

මිනිස් දරු කළලවල විකෘතීන් නිවැරදි කිරීම, හානියට පත් අභ්‍යන්තර ඉන්ද්‍රියයන් පිරියම් කිරීම වැනි සුවිශේෂී කාර්යයන් සඳහා පවා මෙම ක්ෂුද්‍ර රොබෝවන් සාර්ථකව යොදාගත හැකි බව මේ සම්බන්ධයෙන් අනාවරණය කරන වර්මොන්ට් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥ පිරිස පෙන්වා දී තිබුණි.

 

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00