2020 ජනවාරි 18 වන සෙනසුරාදා

ට්‍රම්ප් OUT ද? සෙනෙට් නඩුව ඇරඹේ!

 2020 ජනවාරි 18 වන සෙනසුරාදා, ප.ව. 12:30 80

ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි සෙනෙට් සභා දෝෂාභියෝග නඩු විභාගය ආරම්භ වී හමාරය. එය ලබන 21 වැනිදා සිට අමෙරිකානු සෙනෙට් සභාව ඉදිරියේ විභාග වීමට නියමිතය. එම දෝෂාභියෝග නඩු විභාගයේ ජූරි සභාව ලෙසින් නීති සම්පාදකයන් දිවුරුම් දීමද පසුගියදා සිදුවිය.

අමෙරිකානු සෙනෙට් සභිකයන් සියලුදෙනා, අදාළ දෝෂාභියෝග විභාගයේ ජූරි සභිකයන් බවට දිවුරුම්දීම සිදුකෙරුණි. ඒ අමෙරිකාවේ අගවිනිසුරු ජෝන් රොබර්ට්ස් ඉදිරියේදීය. නඩු විභාගය අතරතුර අපක්ෂපාතීව කටයුතු කරන බවටත් යුක්තිය පමණක් ඉටුකරන බවටත් ඒ මගින් නීති සම්පාදකයන් එකඟ වී තිබේ. සෙනෙටයේ බහුතරය ට්‍රම්ප්ගේ පක්ෂයට අයත්ය. සිය බලය අනිසි ලෙසින් යොදාගෙන ඉදිරි ජනාධිපතිවරණයේදී වාසි ලබාගැනීමට උත්සාහ ගැනීමත්, දෝෂාභියෝග විභාගය සඳහා සහාය ලබා නොදීමත් ජනාධිපතිවරයාට එරෙහිව එල්ල වූ චෝදනා වෙයි.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගය මීට පෙර එරට නියෝජිත මන්ත්‍රී මණ්ඩලය හමුවේ සම්මත කෙරුණි. එම දෝෂාභියෝගය බහුතර රිපබ්ලිකන් බලයක් ඇති සෙනෙට් සභාවට ඉදිරිපත් වුණේ ඉන් අනතුරුවයි. මේ අනුව ජනවාරි 21 වැනිදායින් ආරම්භ වී ඉදිරි සති කිහිපය පුරාවට අදාළ දෝෂාභියෝගය සෙනෙට් සභාව හමුවේ විභාගයට ගැනෙනු ඇත. මෙහිදී යම් හෙයකින් ජනාධිපතිවරයා අදාළ යෝජනාවෙන් පරාජයට පත්වුවහොත් ඔහු ධුරයෙන් ඉවත් කෙරෙනු ඇත. කෙසේ නමුත් දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ අමෙරිකානු ජනාධිපතිවරයාගේ රිපබ්ලිකන් පක්ෂයේ පාලනය සහිත සෙනෙට් සභාව තුළ අදාළ යෝජනාව නිශ්චිත ලෙසින්ම පරාජයට පත්වනු ඇති බවයි.

 

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00