2020 ජනවාරි 11 වන සෙනසුරාදා

හැරී-මෙගන් රජපවුලෙන් ඉවත්වූ Brexit පලහිලව්ව!

 2020 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 12:30 558

එංගලන්ත රජ පවුල තුළ මේ වනවිට හටගෙන ඇත්තේ මහ කලබැගෑනියකි. ඒසසෙක්ස්හි වංශාධිපතිධූරය දරන හැරී කුමරු සහ මෙගන් මර්කල් දෙදෙනා සිය රාජකීය ජ්‍යෙෂ්ඨත්වය සහ වංශාධිපති රාජකාරිය අත්හැරීමට තීන්දු කිරීමත් සමඟිනි. තවදුරටත් රාජකීයයන් උදෙසා වෙන්ව ඇති අරමුදලේ පිහිටෙන් රැකෙන්නට තමන් අකමැති බව ඔවුන් මාධ්‍ය වෙත කියා තිබේ. දහඩිය මහන්සියෙන් තමන්, තමන්ටම හරිහම්බ කරගන්නට ඔවුන් හිතටගෙන තිබේ. වඩාත්ම අපූරු කාරණය රජ පවුලේ මහරැජන ඇතුළු පිරිසද මෑත කාලයේ අපේ රටේ බහුලව අසන්නට ලැබුණු ආකාරයට මේ අමුතු තීන්දුව ගැන දැනගෙන ඇත්තේ මාධ්‍ය මගින් වීමය. රැජන මේ යුවලගේ රැඩිකල් තීන්දූව ගැන අසතු‍ෙටන් පසුවන බව පළවිය. නත්තලට පෙර සිට මෙගන් සහ හැරී තමන් ස්වාධීනව කැනඩාවේ ජීවත්වීමට කැමති බව චාල්ස්ට මෙන්ම රැජනට කියා තිබේ. නමුත් ඔවුන් කීවේ ඒ ගැන දැන්ම තීන්දුවක් නොගන්නා ලෙසටය. හදිසියේ මේ වෙන්ව යාම සිදුවන්නේ ඒ අතරය. මට “ද්වේෂ කරන්න එපා” “මට සමාවෙන්න” යනුවෙන් රැජනට ලියා තබා මෙගන් වෙන්ව ගොස් තිබේ. එංගලන්ත මාධ්‍ය මේ වෙන්වීමට අපූරු නමක් දී තිබුණි. ඒ Megan Exit යන්න එංගලන්තය යුරෝපයෙන් වෙන්වීම දක්වන Brexit සමඟ ගලපා Megxit යනුවෙනි. විචාරක මතය නම් ඇත්තටම රජ පවුලෙන් වෙන්වීම අත්‍යවශ්‍යව තිබුණේ මෙගන්ට බවය.

සිය රජ කිරුළු තනතුරු අතහැර වින්ඩ්සර් ආශ්‍රීත ෆොග්මෝ කොටේජයේ සාමාන්‍ය පවුලක් ලෙස දිවි ගෙවන්නට යන නව යුවළ තමන්ගේම රැකියාවක් කරගෙන ජීවත්වන්නට අදහස් කර තිබේ. රාජකීය අරමුදලෙන් මුදල් නොගත්තද සිය පියා චාල්ස් කුමරුගෙන් මුදල් ගැනීම ඔවුන්ට කැපය. එසේම ඔවුන්ට ලැබෙන පොලිස් ආරක්ෂාවද එසේම ලැබෙනු ඇත. රැජන වෙනුවෙන් එංගලන්තයෙන්  පිටත පොදුරාජ්‍ය මණ්ඩලයේ රාජකාරි කිහිපයක් ආවරණයටද ඔවුන් ඉදිරිපත්වනු ඇත. ඔවුන්  සිය  කාලය මෙගන්ගේ උපන් බිම වන උතුරු අමෙරිකාවේ සහ එංගලන්තයේ කාලානුරෑපව ගතකරනු ඇත. මේ යුවල රාජකීයන් අතර සිය අනන්‍යතාව තහවුරු කර ගැනීම සඳහා කලෙක සිට සටන් කළහ. රාජකීයන් මේ යුවළ හඳුන්වන්නේ “ඉක්මන්කාරයන් සහ ළමා ගති දරන්නන්*” හැටියටය. රජ පවුල තුළ තමන්ගේම (පුංචි) පවුල් රාජ්‍යයක් ගොඩනගන්නට මේ දෙදෙනා උත්සාහ දැරුවද රජපවුලේ සාම්ප්‍රදායික (මහා) ලෝකය තුළ මේ දෙපළ සිටියේ අතරමංවය. ඔවුන් නව තීරණය ගෙන ඇත්තේ ඉන්පසුවයි.

 

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00