2020 ජනවාරි 04 වන සෙනසුරාදා

පාප් තුමන්ටත් තරහ ගිහින්!

 2020 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 12:30 169

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ වතිකානයේ ශාන්ත පීතර චතුරශ්‍රයේ සුපුරුදු පරිදි දරුවන් සහ කිතුණු බැතිමතුන් වෙත නව වසරට ආශිර්වාද කරමින් සිටි අවස්ථාවේදී උන්වහන්සේගේ ආශීර්වාදය ඉල්ලා සිටි කාන්තාවක් සම්බන්ධ සිදුවීමක වීඩියෝවක්  ජාත්‍යන්තර මාධ්‍යවල ප්‍රචාරය වූයේ කිතුණු ලෝකය කළඹවමිනි.

ලොවපුරා කිතුබැතිමතුන් බිලියන 1.3කගේ ප්‍රදානත්වය උසුලන එතුමා වටා විශේෂ ආරක්ෂක පිරිසක්ද නිබඳ රැඳී සිටියි. වීඩීයෝවේ දැක්වෙන්නේ පාප්තුමන් තමන් වෙත එනතුරු කාන්තාව එක එල්ලේ බලා සිටින අයුරුයි. ඇය අසලටම එන පාප්තුමන් නැවත හැරීයද්දී නොසන්සුන්වන කාන්තාව පාප්තුමන්ගේ අතින් ඇද තමන් වෙතට ඇද ගනියි. හදිසි සිද්ධියෙන් කලබල වන පාප්තුමන් ඇයගේ අත ගසා දමද්දීත් මේ කාන්තාව අත නිදහස් නොකර යමක් කියමින් සිටින හැටි වීඩියෝවේ දැක්වේ. සිය අත මුදාගන්නට පාප්තුමන් පහරක් ගසන අයුරැ මෙහි දැක්වෙන නිසා ලෝකයේ විවිධ අය විවිධ විවේචන ඉදිරිපත් කර තිබුණී.

එහිදී අපහසුතාවට පත්වීම නිසා උන්වහන්සේ සිය අත ඇගෙන් මුදාගැනීමට දැඩි උත්සාහයක් දැරූ අතර කාන්තාව අතින් ඇදීමෙන් පසු ෆ්‍රැන්සිස් පාප්වහන්සේට කේන්ති ගිය බවක් පැහැදිලිව පෙනෙන්නට තිබූණේ යැයි ඇතැම් සේවාවන්ද සඳහන් කර තිබුණි. ඉවසීම නොමැතිකමෙන් සිදුවූ සිදුවීමක් සම්බන්ධයෙන් පාප් වහන්සේ සමාව අයැද තිබේ. බොහෝදෙනෙකුගේ විවේචනයට ලක් වූ පාප් වහන්සේගේ මෙම හැසිරීම ගැන පසුව  වතිකානුවේ සිට උන්වහන්සේ  සමාව ඇයැද තිබේ. පාප්වරයකු සඳහා ආරක්ෂාව දැඩි කිරීමට කටයුතු යෙදුණේ 1981 දෙවැනි ජුවාම් පාවුළු පාප් වහන්සේ ඝාතනයට ගත් උත්සාහයත් සමගිනි. 2009 දීද මෙබඳුම අලකලංචියකට දහසය වැනි බෙනඩික්ට් පාප්තුමන් මුහුණපෑහ. එදිනද කාන්තාවක් ආරක්ෂක වැටද පෙරළාගෙන විත් පාප්තුමන් වැළඳගත් අතර එයින් දෙදෙනාම පෙරළී ගියේය. එදා එම සිද්ධියෙන් පාප්තුමන්ගේ පාදයට හානිවිය.