2017 මාර්තු 18 වන සෙනසුරාදා

IMF ප්‍රංශ කාර්යාලයට පාර්සල් බොම්බයක්

 2017 මාර්තු 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 82

ප්‍රංශයේ පැරිස් නුවර පිහිටි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්යාලය වෙත ලැබුණු පාර්සලයක් විවෘත කිරීමේදී පුපුරා ගියේය. මෙයින් එක් කාර්ය මණ්ඩල නිලධරයකුට තුවාල සිදුවී තිබුණි. කාර්ය මණ්ඩල ප්‍රධානියා කීවේ පාර්සලය සාමාන්‍ය තැපෑලෙන් ලැබුණු බවය. මේ පුපුරායාමෙන් තක්කු මුක්කු වූ කාර්ය මණ්ඩලය වහාම ඉවත් කරන්නට යෙදුණි. 

මේ අතර ජර්මානු මුදල් ඇමැති වුල්ෆ්ගැන්ග් ශුබ්ල්ගේ නමට ලැබුණු පාර්සල් බෝම්බයක් බර්ලින් නුවර පිහිටි ජර්මානු මුදල් අමාත්‍යාංශයේදී සොයාගන්නට ලැබුණි. Conspiracy of Fire Cells නම් වූ ග්‍රීක අන්ත වාමාංශික කණ්ඩායමක් මෙහි වගකීම භාරගෙන තිබුණි.

නිරිත දිග ප්‍රංශයේ ග්‍රාස්සේ නගරයේ පාසලක 17 හැවිරිදි සිසුවෙකු රයිෆලයකින් හා ග්‍රෙනේඩ් දෙකක් සහිතව අත්අඩංගුවට ගන්නට යෙදුණි. ඒ පාසල තුළ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියේදී අටදෙනකු පමණ තුවාල ලැබූ බව වාර්තා විය.

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00