2017 මාර්තු 18 වන සෙනසුරාදා

විරාතු හිමිට මුකවාඩම්

 2017 මාර්තු 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 136

බුරුම රටේ විරාතු හිමිනම ලෝකය පුරාම ප්‍රසිද්ධය. සිය ආගමට ඇති තැන රැකගන්නට සටන් කරනා නිසාය. තමන්ගේ රටට කඩාවැදී සිටින අන්‍ය ආගමික සංක්‍රමණිකයන් ගැන තදින් සිටීම අතින් අමෙරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප් හා විරාතු දෙදෙනාම තකට තකය. ඒත්, අවුන් සාන් සූකීගේ ආණ්ඩුව මේ වනවිට සිටින්නේ අන්තර්ජාතික ප්‍රජාවගෙන් එල්ලවන මහා පීඩනයකට ලක්වය. මියන්මාරයේ රොහින්ගියාව ආශ්‍රිතව සිදුවන නොපනත් වැඩ නිසාය.‍

සියයට 5ක් වන මුස්ලිම් ජනතාව සහිත මියන්මාරයේ ලොකුම හිසරදය බවට පත්ව ඇත්තේ රොහින්ගියාවයි. මේ නිසාම තමන්ගේකම ගැන තදින් කතාකරන විරාතු හිමි නම ලෝකයාට පෙනී ගොස් ඇත්තේ අන්තවාදියකු ලෙසටය. ඉතින් මියන්මාරයට ලැබෙන අන්තර්ජාතික සහයෝගය එසේම පවත්වාගන්නට නම් විරාතු නිහඬ කළයුතුය. පසුගිය සතියේ රටේ මහානායකවරැ එකතුව විරාතු හිමිගේ සියලු අනුශාසනා, ධර්ම දේශනා තහනම් කළහ. දැන් වසරක කාලයක් යනතුරු විරාතු හිමිට කතා බොරු!

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00