2019 දෙසැම්බර් 07 වන සෙනසුරාදා

නත්තලේ අසිරිය මැද ගිනස් වාර්තාවක්!

 2019 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 12:30 162

සමය වෙනුවෙන් සූදානම් වෙමින් සිටිති. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා ඔහුගේ පවුලේ සාමාජිකයන්ද, ඔවුන් ධවල මන්දිරයේ පවත්වන තෙවැනි නත්තල් උත්සවය සඳහා සූදානම් වෙමින් සිටියි. මෙවර ධවල මන්දිර නත්තල් උත්සවයේ තේමාව වන්නේ, ‘ද ස්පිරිට් ඔෆ් අමෙරිකා‘ යන්නයි. නත්තල වෙනුවෙන් අමෙරිකානු ජනාධිපති නිල නිවස ඉතාමත් අලංකාරව සරසා ඇත. මෙවර ධවල මන්දිර සැරසිලි සඳහා කොළ, රතු හා රන්වන් පැහැයන් යොදගෙන තිබුණි.

මේ අතර ජේසුස් වහන්සේ උපත ලැබූ බෙත්ලෙහෙම් පුරවරයද අසිරිමත් නත්තල සැමරීම සඳහා ලහිලහියේ සැරසී සිටිති. ඊශ්‍රායලය සහ පලස්තීනය අතර මතබේදයට තුඩුදී ඇති බටහිර ඉවුර ප්‍රදේශයේ පිහිටි බෙත්ලෙහෙම නගරය නොඑසේ නම් ජේසු බිලිඳුන් උපත ලද නගරය සූදානම් වන්නේ උදාවන නත්තල උත්සවශ්‍රීයෙන් පිළිගැනීමටයි. ඒ අනුව බිළිඳා උපත ලැබූ ස්ථානයේ ඉදිකර ඇති උප්පත්ති දෙව් මැදුර මෙවර නත්තල් දිනයේදී පළමු වරට හිරු උදාවන මොහොතේ සිට රාත්‍රී අට වනතෙක් විවෘතව තැබීමටත් බලධාරීන් තීරණය කර ඇත. බෙත්ලෙහෙම් වැසියන්ට දශක දෙකකට පසුව උදාවන හොඳම නත්තල මෙය වනු ඇත.

මේ අතර නත්තල් සීයලාගේ විශාලතම හමුවක් ජර්මනියේ බවේරියා ප්‍රාන්තයේදී  පැවැත්වේ. නත්තල් සීයලාගේ මෙම හමුව පළමුවරට සිදුවුණේ මීට වසර 40කට පෙරයි. සිය සහායකයන්ද සමඟ නත්තල් සීයලා 40 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ජර්මනියේ බවේරියා ප්‍රාන්තයේ නගරයකට දැන් පැමිණ තිබේ. සුන්දර නත්තලේ සිරි අසිරි විඳගන්නට සලස්වමින් නගරයේ පෙළපාලියකට සහභාගී වීම සහ ගිනස් වාර්තාවක් පිහිටුවීම මෙම හමුවේ ප්‍රධාන අරමුණු බව සඳහන්ය. මේ නත්තල් සීයලා ආගමික උත්සවයක් වන නත්තලට වාණිජ මුහුණුවරක් එක්කිරීමට එරෙහිව විරෝධතා ව්‍යාපාරයක්ද ආරම්භ කර තිබේ.

සාන්තුවරයෙක් වන නත්තල් සීයා කුඩා දරුවන් වෙනුවෙන් පෙනී සිටි අයෙක් බවත් එම සම්ප්‍රදාය අභාවයට යාමට ඉඩ නොදිය යුතු බවත් ඔවුන් අවධාරණය කර ඇත. ප්‍රධාන නත්තල් සීයාගේ අදහසකට අනුව පසුගිය වසරේ සිට මෙම හමුවට ජනතාවගේ වැඩි අවධානයක් දිනාගැනීමේ අරමුණ පෙරදැරිව ඊට දැවැන්ත පෙළපාලියක්ද එක්කර තිබේ.