2019 නොවැම්බර් 30 වන සෙනසුරාදා

ඉරාකයේ-ඉරාන කොන්සල් කාර්යාලය ගිනිබත්වෙයි!

 2019 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 12:30 58

ඉරාකයේ පිහිටි ඉරාන කොන්සල් කාර්යාලය විරෝධතාකරුවන් පිරිසක් විසින් ගිනි තබා ඇත ඉරාකයේ දකුණු නජාෆ්හි පිහිටි කොන්සල් කාර්යාලය ගිනි තැබීමට පෙර එහි සිටි කාර්යය මණ්ඩලය පලාගොස් ඇති බව සඳහන්ය. ඉන්පසු එම ප්‍රදේශයට ඇඳිරි නීතිය පැනවීමට ඉරාක බලධාරීන් පියවර ගෙන තිබේ. විරෝධතාකරුවන් ඉරාන කොන්සල් කාර්යාලයට ඇතුළුවීම වැළැක්වීමට පොලීසිය ජීව උණ්ඩ ප්‍රහාර එල්ල කිරීම හමුවේ අයෙකු මියගොස් තවත් පුද්ගලයන් 35 දෙනෙකු තුවාල ලැබූහ.

මාස දෙකකට ආසන්න කාලයක් ඉරාකය තුළ රාජ්‍ය විරෝධි විරෝධතා පවතියි. ඔක්තෝබරයේ සිට මේ වනවිට  පුද්ගලයින් 350දෙනෙකු මියගොස් ඇත. ඉරාක විරෝධතාකරුවන් සිය ඉරාන විරෝධි ආකල්පය මෙතරම් ප්‍රබල අයුරින් පළකළ ප්‍රථම අවස්ථාව මෙයයි. මහජන සේවා හිඟය සහ විරුකියාව උග්‍රවීම හමුවේ මෙලෙස ඉරාක රජය දූෂිත බව පවසමින් විරෝධතාකරුවන් උද්ඝෝෂණ අරඹා තිබේ.

 

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00