2019 නොවැම්බර් 30 වන සෙනසුරාදා

මහත්මා ගාන්ධි මැන්චෙස්ටර් නගරයට!

 2019 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 12:30 46

මහත්මා ගාන්ධිතුමන්ගේ 150 වැනි ජන්ම දිනය මේ වසරට යෙදී ඇත. එය සමරමින් එංගලන්තයේ මැන්චෙස්ටර් නගරයේ ඉදිකරන ලද මහත්මා ගාන්ධිතුමන්ගේ ප්‍රතිමාවක් ඉකුත් සතියේ නිරාවරණය කෙරුණි. ජන්ම දිනය සමරුවට මෙන්ම 1931 වර්ෂයේදී ගාන්ධිතුමන් මැන්චෙස්ටර් නගරයට පැමිණීම සිහිපත් කිරීමත් මෙමගින් අපේක්ෂිතය. 

ඉන්දීය නිදහස් සටනේ නියමුවා හා අවිහිංසාවාදයේ පියා යන විරුදාවලිය ලත් මොහන්දාස් කරම්චාන්ද් ගාන්ධිතුමන්ගේ පිළිරුව මැන්චෙස්ටර් මැන්චෙස්ටර් ආසන දෙව්මැදුරේ පිටත ප්‍රදේශයේ එය ඉදිකර ඇත. එම ප්‍රදේශයේ තවත් දේශපාලන හා ආගමික නායකයන් රැසකගේ ප්‍රතිමා ඉදිකර තිබේ. මෙම ප්‍රතිමාව නිරාවරණ කිරීමේ අවස්ථාවට මැන්චෙස්ටර් නගරයේ වෙසෙන ඉන්දීය ජාතිකයන් ඇතුළු බොහෝ පිරිසක් පැමිණ සිටියෝය.