2019 නොවැම්බර් 23 වන සෙනසුරාදා

රජිනි-කමල් දේශපාලන කරළියේ

 2019 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 12:30 99

දකුණු ඉන්දීය සුපිරි සිනමා තරු දෙකක් වන රජිනිකාන්ත් සහ කමල් හසන් දේශපාලනයේ දී එක්ව කටයුතු කිරීමට කැමැත්ත පළකර තිබේ. සුපිරි නළුවන් දෙදෙනාගේ මේ සුහද දේශපාලන දීගය 2021 වසරේ පැවැත්වීමට නියමිත තමිල්නාඩු ප්‍රාන්ත සභා මැතිවරණයට දැඩි බලපෑමක් සිදුකරන්නට නියමිතය.

තමිල්නාඩු දේශපාලනඥයකු වන රජිනිකාන්ත් ප්‍රකාශ කළේ, තමිල්නාඩුවේ සුබසිද්ධිය වෙනුවෙන් සිය සමකාලීන දේශපාලනඥ කමල් හසන් සමඟ අත්වැල් බැඳගැනීමට සුදානම් බවයි. වසර 43ක කාලයක් රංගන වෘත්තියෙදී එක්ව කටයුතු කළ තමන්ට තමිල්නාඩුවේ සංවර්ධනය වෙනුවෙන් රජිනිකාන්ත් සමඟ එක්වීම ආශ්චර්යක් නොවන බව කමල් හසන් ද අවධාරණය කළේය.

කමල් හසන් සිය පක්ෂය වන මක්කල් නීධි මායම් පක්ෂය ඉකුත් වසරේදී ඇරඹූ අතර 2021 වසරේ ප්‍රාන්ත සභා මැතිවරණයේ දී ජයග්‍රහණය අත්කර ගැනීම ඔහුගේ අපේක්ෂාවයි.

2017 වසරේ දී දේශපාලනයට පිවිසෙන බව නිවේදනය කළ රජිනිකාන්ත් මෙතෙක් දේශපාලන පක්ෂයක් පිහිටුවා නොමැත. තමන් භාරතීය ජනතා පක්ෂයට සම්බන්ධ වීමට යන බවට පැතිර ගිය කටකතා ද රජිනිකාන්ත් පසුගියදා ප්‍රතික්ෂේප කළේය. කෙසේ වෙතත් සුපිරි තරු යුවලක් එක්ව දේශපාලනයට පිවිසීමෙන් අධෛර්යට පත් නොවූ අන්නා ද්‍රාවිඩ මුන්නේත්‍ර කලහම් පක්ෂය සඳහන් කළේ 2021 වසරේ ප්‍රාන්ත සභා මැතිවරණයෙන් ද තමන් ජය ගන්නා බවයි.

 

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00