2019 නොවැම්බර් 23 වන සෙනසුරාදා

රුසියාවෙන් දරුණුතම මිසයිලයක්!

 2019 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 12:30 287

ලොව දරුණුතම අවියක් නිපදවමින් සිටි රුසියානු විද්‍යාඥයන් 5 දෙනෙක් එහි සිදුවූ විකිරණ කාන්දුවකින් මේ වසර මුලදී මිය ගියහ. රුසියානු ජනාධිපති පුටින් මේ සිද්ධියෙන් මියගිය අයගේ වැන්දඹුවන්ට වන්දි ගෙවීමට ක්‍රෙම්ලිනයේ පැවැති උත්සවයකදී කටයුතු කළේය. නේටෝ සංවිධානය මගින් Skyfall ලෙස හඳුන්වන්නට යෙදුණු ලොව භයානකම ආයුධයක් වන මෙම සීමා මායිම් රහිත මිසයිලය නිපදවීම තමන් අත්හැර දමන්නේ නැති බව පුටින් මෙහිදී කීවේ බටහිර ජාතීන් තුළ භීතිය වර්ධනය කරමිනි.

දකුණු රුසියාවේ ධවල මුහුද ආසන්නයේ පිහිටි රොසාටෝම් න්‍යෂ්ටික කොම්පැණියේ නිෂ්පාදනය කරමින් තිබූ ලෝකාවසාන මිසයිලය ලෙස ද හඳුන්වන මෙය න්‍යෂ්ටික බල ගැන්වූ කෘස් මිසයිලයකි. මෙහි සිදුවූ විකිරණ කාන්දුවට හේතුව තවමත් අබිරහසකි. යාබද ස්වේරොද්වින්ක්ස් නගරයට ද පිපිරීම හේතුවෙන් සිදුවූ විකිරණ කාන්දුව බලපෑවේය