2019 නොවැම්බර් 09 වන සෙනසුරාදා

ෆේස්බුක් මුහුණ අලුත් වෙයි!

 2019 නොවැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 12:30 131

පසුගිය සමයේ පරිශීලකයන්ගේ විශ්වාසය කඩකිරීමේ චෝදනාව සමග ෆේස්බුක් ආයතනය සම්බන්ධව නඩු විභාගයන් සහ විමර්ශන මධ්‍යයේ එම සමාගම සිය සන්නාමයෙහි වෙනසක් ඇතිකර තිබේ. ඒ අනුව Facebook යන සන්නාමය මුළුමන්ම කැපිටල් ඉංග්‍රීසි අකුරින් FACEBOOK ලෙස දැක්වෙනු ඇත. එය බහුවර්ණ සහිත ලාංඡනයකි. ෆේස්බුක් සමාගම විසින් ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයට අමතරව වට්ස් ඇප්, ඉන්ස්ටග්‍රෑම් සේවාවන්ද සපයයි.

මෙම නව සංඛේතය නිර්මාණය කර ඇත්තේ විවෘතභාවය සහ පැහැදිලිභාවය යන සංකල්පයන් මූලික කර ගනිමින් බව ඒම ආයතනය පවසයි. නව සං‍ඛේතය සඳහා තම ආයතනය සංවේදී වර්ණමාලාවක් භාවිතා කර ඇති බව ඔවුන් පවසයි. ඉදිරි සති කිහිපය තුළ නිෂ්පාදන සහ අලෙවිකරණ කටයුතුවලදී නව ලාංඡනය භාවිතා කිරීමට සමාගම සැලසුම් කරයි. ජූනි මාසයේදී සමාගම සිය සියලුම යෙදුම් හරහා “ෆේස්බුක් වෙතින්” යන වචන එකතු කිරීම ආරම්භ කළේය.

මෙම පියවර මගින් ෆේස්බුක් සමාගම සතුව ඇත්තේ ෆේස්බුක් පමණක් නොවන බවත් අනෙක් සේවාවන් තමන්ට වැදගත් කාර්යයක් ඉටුකරනු ඇති බවත් ෆේස්බුක් ආයතනයෙහි මතයයි. Pew think tank මගින් සිදුකළ අපක්ෂපාතී සමීක්ෂණයකදී අනාවරණය වූයේ ඉන්ස්ටග්‍රෑම් සහ වට්ස්ඇප් සේවාවන්ද ෆේස්බුක් ආයතනය සතු බව දන්නේ පරිශීලකයන් 29%ක් පමණක් බවය.