2019 ඔක්තෝබර් 19 වන සෙනසුරාදා

විලියම් සහ කේට් පාකිස්ථානය විචිත්‍රවත් කරයි!

 2019 ඔක්තෝබර් 19 වන සෙනසුරාදා, ප.ව. 12:30 225

බ්‍රිතාන්‍යයේ කේම්බ්‍රිජ්හි ආදිපාදවරයා වන විලියම් කුමරු සහ කේම්බ්‍රිජ්හි ආදිපාදවරිය වන කේට් කුමරිය ඉකුත් සතියේ, එනම් ඔක්තෝබර් 14 වැනි දින, පාකිස්ථානයට පැමිණියහ. මෙලෙස බ්‍රිතාන්‍ය රාජකීයයන් යුවලක් පාකිස්ථානය වෙත පැමිණියේ වසර 13කට පසුවය. මෙයට පෙර  2006 දී චාල්ස් කුමරැ හා කැමිලා පාකර් කුමරිය පාකිස්ථානය තුළ සංචාරය කළහ. විලියම් සහ කේට් දෙපළගේ මෙවර සංචාරය නිල රාජ තාන්ත්‍රික සංචාරයක ස්වරූපය ගත් එකක් වුවද එහි විචිත්‍රවත් අවස්ථා ද පිරී තිබුණි.  

මෙම දෙපළ ග්‍රාමීය ප්‍රදේශයක නවාතැන් ගත් අතර, ලාහෝර් සහ ඉස්ලාමාබාද් යන නගරවල ද සංචාරය කළහ. එහිදී ලාහෝරයේ පල්ලියක් බලන්නට ගිය කේට් රන් පැහැයෙන් වැඩ දැමූ නිල් පැහැ සල්වාරියක් ඇඳ හිස ආවරණය කර උන්නාය. ගමන අතර ඔවුන් ඩයනා කුමරිය මුල් වී අරමුදල් රැස් කර තැනූ පිළිකා රෝහලකට ද ගොඩවැදුණෝය. එහිදී රෝගි දැරියක ‍මේ දෙදෙනාට තට්ටු ඔටුන්නක් තෑගි කළ අතර ඇගේ ඇඳ මත සිට රාජකීය යුවල කදීම තේ පැන් සංග්‍රහයක් ද පැවැත්වූහ. ක්‍රිකට් ඇකඩමියට ගිය ගමනේදී කේට් සහ විලියම් එහිදී ක්‍රිකට් සෙල්ලම් කරන්නට ද අමතක කළේ නැත. කුමරිය එහිදී සාම්ප්‍රදායික සුදු පැහැ සල්වාරියකින් ද සැරුසුණාය. 

එයට එම්බ්‍රොයිඩර් හැඩ වැඩ දමා තිබුණේ පාකිස්ථාන ජාතික පුෂ්පය වන ජැස්මින් මල් රටාවකිනි. එස්. ඕ. එස්. ගම්මානයක දරු සිඟිත්තන්ට රූකඩ මගින් කතාන්දර කියා දුන්හ. එරට මුල්ම ළමා නිවාසයට ගොඩවැදුණු දෙදෙනා උපන්දින සාදයකට එක් වූහ. එහිදී කේට් කුමරිය සැවොම විශ්මයට පත්කළේ උර්දු බසින් කතා කිරීමෙනි. දෙදෙනාම ඉතා කෙටි කලකින්ම පාකිස්ථාන ජනාදරය දිනාගත්හ.

2006 දී චාල්ස් කුමරු හා කැමිලා පාකර් කුමරිය පාකිස්ථානය තුළ සංචාරය කළහ. මෙයට පෙර බ්‍රිතාන්‍ය එලිසබත් මහ රැජන පකිස්ථානය තුළ දෙවරක් නිල සංචාර සිදුකර ඇත. ඒ 1961 වසරේ දී සහ 1997 දීය. මීට අමතරව විලියම් කුමරුගේ මව වන ඩයනා කුමරිය, 1996 දී බ්‍රිතාන්‍ය තුළ සංචාරය කරන ලදී. ඩයනා කුමරිය වේල්ස් ආදිපාදවරිය ලෙස 1991 දී පළමුවරට පාකිස්ථානය තුළ නිල සංචාරයක් සිදු කළාය. එහිදී ඇය විසින් ඉස්ලාමාබාද් බාලිකා පාසලක්, පවුල් සුභ සාධන මධ්‍යස්ථානයක්, පල්ලියක් සහ ලාහෝර් කාන්තා විද්‍යාලය, බාලදක්ෂ පිරිසක් සහ වයඹ දිග මායිම් යන ප්‍රදේශ තුළ සංචාරය  කරන ලදී. ඊට පසුව ඩයනා කුමරිය නැවත වතාවක් 1996 දී, එනම් දික්කසාද වීමෙන් පසුව තමාගේ පෞද්ගලික සංචාරයක් ලෙස පාකිස්ථානයට පැමිණියාය. ඒ ඉදිකිරීමට තිබූ පිළිකා රෝහලට අරමුදල් රැස් කිරීමේ අරමුණෙනි. එහි දී ඇය ඉම්රාන් ඛාන් සහ ඇගේ බිරිඳ වන ජෙමීමා හමුවන ලදී. ඉම්රාන් හා ඩයනා කුමරිය ඉතා ළඟ මිතුරෝ වූහ.

1961 සහ 1997 යන කාලවල දී එළිසබත් මහ රැජනගේ පැමිණීම තවමත් පාකිස්ථාන ජනතාව ආදරයෙන් සිහිපත් කරති. එක්සත් ජනපදයේ පොදු රාජ්‍ය මණ්ඩල කාර්යාල දත්තවලට අනුව වාර්ෂිකව බ්‍රිතාන්‍ය වැසියන් දෙලක්ෂ හැටදාහක් පාකිස්ථානයට පැමිණෙති. එසේම දෙරට අතර ශක්තිමත් වෙළඳ සබඳතා ද ඒ අතර කැපී පෙනේ. 2017 පමණක් එලෙස සිදුකරන ලද ද්විපාර්ශික වෙළඳ සබඳතාවල වටිනාකම ඩොලර් බිලියන 2.9 ඉක්මවයි. මෙවර විලියම් සහ කේට් දෙපළගේ සංචාරය පාකිස්ථානය සහ එක්සත් ජනපදය අතර ඇති  එම රාජ තාන්ත්‍රික  සබඳතාවන්  තවදුරටත් තහවුරැ කර ගැනීමට අවස්ථාව උදාකර තිබුණි.

 2020 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 12:29
 2020 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2020 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 06:07