2019 ඔක්තෝබර් 19 වන සෙනසුරාදා

තහනම් උත්තේජක රසායනාගාරයත් තහනම්

 2019 ඔක්තෝබර් 19 වන සෙනසුරාදා, ප.ව. 12:30 64

මෙරට තහනම් උත්තේජක චෝදනා ලැබූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ මුත්‍රා සාම්පල පරීක්ෂාව සඳහා යොමු කෙරෙන්නේ ඉන්දියාවේ නවදිල්ලියේ පිහිටි රසායනාගාරය වෙතටය. ඔවුන් වැඩි දෙනකුගේ මුත්‍රා සාම්පල පරීක්ෂා කළ එම රසායනාගාරය, ලෝක තහනම් උත්තේජක නිවාරණ ආයතනය විසින් තාවකාලිකව තහනම් කර තිබේ.‍

මෙලෙස තහනම් කිරීමට හේතු වී ඇත්තේ රසායානාගාරයක් පවත්වා ගත යුතු ප්‍රමිතීන් හා යාවත්කාලීන කිරීම් ආදිය නිසි පරිදි සපුරාලීමට අපොහොසත් වීම හේතුවෙන්ය.

ලෝක තහනම් උත්තේජක නිවාරණ ආයතනය හෙවත් වාඩා ආයතනය ගෙන ඇති මෙම තීරණය අනුව පසුගිය අගෝස්තු මස 20 වැනිදා සිට මාස 6ක් ඉදිරියට  මෙම නවදිල්ලි රසායානාගාරයේ කටයුතු අත්හිටුවා තිබේ. අදාළ ප්‍රමිතීන් ප්‍රතිස්ථාපනය කිරීම සඳහා එම රසායානාගාරය වෙත මේ වන විට උපදෙස් ලබා දී ඇත. ඉන්දියාව හැරුණු කොට ආසියාව තුළ මෙවැනි රසායනාගර ඇත්තේ තායිලන්තය, කොරියාව, ජපානය, චීනය, කසකස්ථානය සහ කටාර් රාජ්‍යයේය.