2019 ඔක්තෝබර් 12 වන සෙනසුරාදා

ඕසෝන් වියනේ මහ සිදුර වැසී යයි!

 2019 ඔක්තෝබර් 12 වන සෙනසුරාදා, ප.ව. 12:30 342

ලෝකයේ ප්‍රබල කතාබහකට ලක්ව තිබූ ඕසෝන් වියනේ පැවැති විශාල සිදුර සුවපත් වෙමින් පවතින බව විද්‍යාඥයෝ කියති. එක්සත් ජාතීන්ගේ පාරිසරික ඒජන්සිය නිකුත් කළ නවතම වාර්තාවලින් මේ බව අනාවරණය වී තිබේ.

මෙය මානව සංහතිය තුළ නැවුම් අපේක්ෂා දල්වන ඉතා සුබදායී ආරංචියක් වුවත්, පරිසරවේදීන් පෙන්වා දෙන්නේ, ඒ සඳහා හරිතාගාර වායු විමෝචනය තවදුරටත් පාලනය කළ යුතු බවයි.

පෘථිවියේ මානව පැවැත්මට ඉතාමත් වැදගත් සාධකයක් ලෙසින් ඕසෝන් වියන සැලකෙයි. ඕසෝන් ස්තරය 1913දී ප්‍රංශ ජාතික විද්‍යාඥයන් වන Charles Fabry සහ Henri Buisson විසින් සොයා ගන්නා ලදී.

මානව ක්‍රියාකාරකම් හේතුවෙන් ඇන්ටාක්ටිකා මහද්වීපයට ඉහළින් ඕසෝන් වියනේ සිදුරක් ඇති වී තිබුණි. ඕසෝන් වියනේ සිදුරක් ඇති බවට සොයාගනු ලැබුණේ 80 දශකයේදීයි. ගතවූ දශක තුනක කාලයකදී අදාල සිදුර ක්‍රමයෙන් විශාල වන ආකාරයක් නිරීක්ෂණය කෙරැණත්, මේ වසරේදී එය කැපී පෙනන තරමට කුඩා වී ඇති බව හඳුනාගෙන ඇත.  

මිනිසාගේ ඉදිරි පැවැත්මට ඉතාමත් හානිදායක තත්ත්වයක් උදාකරමින් පැවැති ඕසෝන් වියනේ එම සිදුර මේ වනවිට සුවපත් වෙමින් පවතින බව විද්‍යාඥයන් සොයාගෙන තිබේ. දැනට සොයාගෙන ඇති දත්ත මගින් තහවුරු වන්නේ 2030 වසර වනවිට ඕසෝන් සිදුර මුළුමනින්ම පාහේ සුවපත්වනු ඇති බවයි. ඒ සඳහා කාබන්ඩයොක්සයිඩ් හා කාබන් මොනොක්සයිඩ් වැනි හරිතාගාර වායු විමෝචනය හැකිතරම් අවම කිරීම මානව සංහතියේම වගකීමක් බව විද්‍යාඥයෝ වැඩිදුරටත් පෙන්වා දෙති.

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00